රත්ගම පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ගාල්ල ඇල්පිටිය ඉණිගොඩවල ප්‍රදේශයේදී ලොරි රථයක් නවතා සිදුකළ පරික්ෂාවකදී කසළ තේ කිලෝග්‍රෑම් 5,320ක් සොයාගෙන ඇත.
ඊයේ (27) පස්වරුවේ සිදුකළ වැටලීමේදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 28 හැවිරිදි සොයිසා මාවත, රන්දොඹේ, අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අදාළ කසළ තේ තොගය අම්බලන්ගොඩ රන්දොඹේ ප්‍රදේශයට රැගෙන යමින් තිබූ බව අනාවරණය වී ඇත.
මෙම කසළ තේ සම්බන්ධයෙන් වාර්තාවක් ලබා ගැනීම සඳහා අදාළ තේ සාම්පල් අදාළ බලධාරීන්ට යොමුකර ඇති බව පොලීසිය පැවසීය.
ඇල්පිටිය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට අද (28) ඉදිරිපත් කිරීමට නියමිතය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...