දේශීය පුවත්

සබරගමුව විසුරුවයි

September 26, 2017 11:20 am | Lanka Lead News

නිල කාලය අවසන් වන සබරගමුව පළාත් සභාව අද (26) මධ්‍යම රාත්‍රියේ විසුරුවා හැරෙන බව පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා මහතා ප්‍රකාශ කළේය.එමෙන්ම උතුරුමැද පළාත් සභාවේ නිල කාලය මේ මස 30දා අවසන් වන අතර නැගෙනහිර පළාත් සභාවේ නිල කාලය ලබන මස 1 දා අවසන් වන බව ඇමැතිවරයා පැවැසීය. එම පළාත් සභා තුනෙහි බලතල නැවත මැතිවරණය පැවැත්වෙන තෙක් පළාත් ආණ්ඩුකාරවරුන්ට පැවැරෙන බව ෆයිසර් මුස්තාපා මහතා පැවැසීය.

පළාත් සභා මැතිවරණය සමානුපාතික හා කොට්ඨාස මිශ්‍ර ක්‍රමයකට පැවැත්වීමට ඉකුත් සතියේ පාර්ලිමේන්තුවේ සම්මත වීම නිසා සීමානිර්ණය කිරීමේ කටයුතු සඳහා මාස හතරක් පමණ ගත වන බව ඇමැතිවරයා සඳහන් කළේය.එම සීමා නිර්ණය වාර්තාව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයකින් සම්මත වීමෙන් පසු මෙම පළාත් තුනෙහි මැතිවරණ පැවැත්විය හැකි බව ෆයිසර් මුස්තාපා මහතා වැඩිදුරටත් පැවැසීය. නිල කාලය අවසන් වන පළාත් සභා තුනෙහි මැතිවරණය මාර්තු මාසයේ පැවැත්විය හැකි බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කථානායක කරු ජයසූරිය මහතාට දැනුම් දී තිබිණි. ඒ අනුව මාර්තු මාසයේදී මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සකස් කරන ලෙස කථානායකවරයා තමාට උපදෙස් දී තිබෙන බවද ඇමැතිවරයා සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More