දේශීය පුවත්

ටෙනිසන් කුරේ මියයයි

September 28, 2020 1:02 pm | Lanka Lead News

ජනප්‍රිය ප්‍රහසන රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතා අද (28) දහවල් කොළඹ ජාතික රෝහලේ දී අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ මහතා මිය යන විට 68 වැනි වියේ පසුවිය.

1986 වසරේදී “පෙරළිකාරයෝ“ චිත්‍රපටයෙන් සිනමා රංගනයට පිවිසි ටෙනිසන් කුරේ මහතා මොරටුව මෙතොදිස්ත පාසලේ ආදි සිසුවෙකි.

ඔහු 1984 වසරේ දී සිනමා තිරපිටපත් රචනය සඳහා චිත්‍රපට අධ්‍යක්ෂ දිනේෂ් ප්‍රියසාද් සමඟ එක්වෙමින් ඔහුගේ වෘත්තිය ජීවිතය ආරම්භ කළ අතර, පසුව ප්‍රහසන රංගන ශිල්පියකු ලෙස ජනාදරයට පත්විය.

රෑ ඩැනියෙල් දවල් මිගෙල්, චෙරියෝ ඩාලින්, කොළම්පූර්, පාර්ලිමන්ට් ජෝක්ස් සහ සොමි බෝයිස් ඇතුළු චිත්‍රපට රැසකට රංගනයෙන් එක් වූ ඒ මහතා ජනප්‍රිය නළු බන්දු සමරසිංහ සමඟ එක්ව ප්‍රහසන නිර්මාණ රැසකටද දායක විය.

රංගනයෙන් මෙන්ම චිත්‍රපට සහ වේදිකා නාට්‍ය රැසකටම අධ්‍යක්ෂණයෙන්, තිර රචනයෙන් සහ නිෂ්පාදනයෙන් ද ටෙනිසන් කුරේ මහතා දායකත්වය දක්වා තිබේ.

ඒ මහතාගේ දේහය තවමත් කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු පිළිබඳව අද පස්වරුවේ තීරණය කිරීමට නියමිතය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More