දේශීය පුවත්

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතාට යළිත් උතුරු පළාත් මහ ඇමති අපේක්ෂකත්වය නොදෙන බවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා කියා සිටියේය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ඊයේ (08) යාපනයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

“උතුරු පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් වර්තමාන මහ ඇමති වන සී.වී. විග්නේශ්වරන් යළිත් පත් කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද පසුගිය වතාවෙදීත් එතුමන්ට මහ ඇමති ධුරය ලබා දෙද්දී එතුමන් සඳහන් කළේ වසර දෙකකට පමණයි මා මේ ධුරය දරන්නෙ කියලා. එවැනි පසුබිමක් තුළ යළි ඔහුට එම තනතුර දීම සුදුසුයි කියල අපි හිතන්නේ නැහැ.”

මෙහිදී අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභංගය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ ක්‍රියා පිළිවෙත පිළිබඳව මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මෙසේ පැවසීය.

අගමැති සමග කිසිඳු ගිවිසුමක් නැහැ

“අපි දෙමළ ජාතික සන්ධානය හැටියට විශ්වාශභංගයට එරෙහිව ඡන්දය දෙන්න කලින් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමග සිදු කළ සාකච්ඡා පිළිබඳව මාධ්‍ය මඟින් අනාවරණය වුණා. එමඟින් වැඩි වශයෙන් දක්වා තිබුණේ අග්‍රාමාත්‍යවරයාට සහය පළ කිරීමට දෙමළ ජාතික සන්ධානය ඔහු සමග ගිවිසුමකට එළඹ ඇති බවයි. ඒ පිළිබඳව දෙස් විදෙස් මාධ්‍යත් දිගින් දිගටම අපෙන් ප්‍රශ්න කළා. අපි එවැනි කිසිම ගිවිසුමකට එළඹුනේ නැහැ. නමුත් ජාතික ආණ්ඩුව ඉදිරියට ගෙන යාමට දෙමළ ජනතාවට පවතින ගැටලු 10 ක් සම්බන්ධයෙන් අපි කරුණු සාකච්ඡා කළා. ඒක රහස් සාකච්ඡාවකුත් නෙමෙයි කිසිම ගිවිසුමකුත් නෙමෙයි.”

රොමේෂ් මධුෂංඛ – වන්නි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More