දේශීය පුවත්

උපවාසයේ යෙදෙමින් ජිවිතක්ෂයට පත් එල්ටිටිඊ සංවිධානයේ හිටපු ප්‍රධානියෙකු වන දිලීපන් ගුණ අනුස්මරණය සැමරීමට රජය එරෙහිවීම හෙළාදකිමින් අද දිනයේදී නැගෙනහිර පළාත මුල් කරගෙන  ඉලංකෛ තමිල් අරසු පක්ෂය ඇතුළු ඒකාබද්ධ කණ්ඩායම් කිහිපයක් විසින් උතුරු නැගෙනහිර පළාත් වල හර්තාල් ව්‍යාපාරයක් අද (28) දියත් කර ඇත.

මඩකලපුව දිස්ත්‍රික්කයේ මඩකලපුව නගරය, වාලච්චේනය, සෙන්ගලඩි, කලුවන්චිකුඩි ඇතුළුව දමිල ජනතාව බහුලව ජිවත් වෙන ප්‍රදේශවල ව්‍යාපාර ස්ථානයන් වසා දමා තිබෙන බව වාර්තාවේ.

කෙසේ වුවත් දෙමළ දේශපාලන පක්ෂ හර්තාලය කැඳවුවද අද උදැසන වවුනියාව නගරයේ වෙළඳ සැල් රැසක් විවෘත කොට තිබු අතර වවුනියාව බස් නැවතුම්පොළ හා වවුනියාව පොදු වෙළඳපොළ කටයුතුද සාමාන්‍ය ආකාරයට සිදුව ඇති බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

වෙනත් දිනවලදි අධික ලෙස ජනතාව ගැවසෙන නගරයේ ජනතාව ගැවසීම අඩු තත්වයක් පැවතියද හර්තාලය පැවැත්වීම අසාර්ථව ඇති බැව් වවුනියාව ජනතාව හා වවුනියාව ආරක්ෂක අංශ සඳහන් කරයි.

හර්තාල් පැවැත්වෙන වෙනත් දිනවලදි වවුනියාව නගරය ජන ශූන්යන තත්වයක් පැවතියද අද දිනයේ නගරයේ සියළු රාජ්‍ය ආයතන විවෘත කොට ඇත.

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More