දේශීය පුවත්

එංගලන්තේ කුණු ආපසු යවයි

September 28, 2020 11:12 am | Lanka Lead News

රේගු සහ පාරිසරික නීති රීති උල්ලංඝනය කරමින් ඉකුත් 2017 වසරේදී එංගලන්තයේ සිට ආනයනය කරන ලද කසළ බහාලුම්වලින් විසිඑකක් නැවතත් එරටට ප්‍රතිනැව්ගත කළ බව රේගුව සඳහන් කරයි.

එංගලන්තයේ සිට නීති විරෝධී ලෙස අපද්‍රව්‍ය බහාලුම් දෙසිය හැටතුනක් මෙරටට ආනයනය කර තිබූ අතර ඒවා කොළඹ වරායේ සහ කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ගොඩගසා තිබුණි.

මෙම බහාලුම් අතරින් විසි එකක් SEAMAX NORWALK, (V/039R) නැමැති නැවට පෙරේදා (26 වැනිදා) සවස පටවා එංගලන්තයට පිටත්කර යැවූ බව රේගුව පවසයි.

අනෙකුත් කසළ බහාලුම් දෙසිය හතළිස් දෙකක් සම්බන්ධව මෙරට අධිකරණයේ නඩුවක් විභාග වේ. එම කසළ බහාලුම් අතරින් එකසිය දොළහක් කොළඹ වරායේ සහ තවත් එකසිය තිහක් කටුනායක අයෝජන ප්‍රවර්ධන කලාපයේ ගොඩගසා තිබේ.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More