දේශීය පුවත්

දැවි තෙල් තොගයක් රැගෙන චීන වරායේ පිහිටි ලංකා අයි.ඕ.සී. සමාගමට පැමිණි නෞකාවක සේවය කරන කාර්ය මණ්ඩලයේ දහහත් දෙනෙකුට කොවිඩ් 19 රෝග ලක්ෂණ පවතින බව පී.සී.ආර්. පරීක්ෂණ මගින් පෙරේදා (26 වැනිදා) අනාවරණය වී ඇති බව ත්‍රිකුණාමලය ප්‍රාදේශීය ​සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ වසංගත රෝග විද්‍යා අංශයේ වසංගත රෝග ​වෛද්‍ය නිලධාරී වෛද්‍ය ටී. තිලෝජන් පැවැසීය.

ඉන්දියාවේ සිට කොළඹට දැවි තෙල් රැගෙන පැමිණ ඇති සිංගප්පූරුවේ ලියාපදිංචි ක්ලැරිටි නමැති මෙම නෞකාව ඉන්ධන මෙට්‍රික් ටොන් හාරදහසක් සමග ඉකුත් 25 වැනිදා පෙරවරුවේ ත්‍රිකුණාමලය වරායට පැමිණ තිබේ.

නෞකාව ත්‍රිකුණාමලය වරායට පැමිණීමෙන් පසුව එය පරීක්ෂාවට ලක්කළ වෛද්‍යවරුන් එහි සේවය කළ එක් නාවිකයකුට උණ රෝග ලක්ෂණ පවතින බව තහවුරු කර ගැනීමෙන් පසුව එහි සේවය කරන සෙසු කාර්ය මණ්ඩලය පී.සී.ආර්. පරීක්ෂණයකට ලක්කර ඇත. පසුව එම වාර්තා ලැබෙන තෙක් නෞකාවේ කාර්ය මණ්ඩලය නෞකාව තුළම රඳවා ආරක්ෂිත ක්‍රමවේදයන් භාවිත කරමින් දැවිතෙල් නළ මාර්ග ඔස්සේ ගොඩබෑම සිදුකර තිබිණි.

පී.සී.ආර්. පරීක්ෂණයෙන් පසුව එහි කාර්ය මණ්ඩලයේ 17 දෙනෙකු කොවිඩ් 19 රෝගීන් බවට තහවුරු කර ගැනීමෙන් පසුව නෞකාව ත්‍රිකුණාමලය වරායෙන් පිටත නවතා තැබීමට උපදෙස් දී ඇත.

මේ අතර රාජකාරි කටයුතු සඳහා කොළඹ වරායේදී එම නැව තුළට ඇතුළු වූ ශ්‍රී ලාංකික නිලධාරීන් පිරිසක් සහ ඔවුන්ගේ පවුල්වල උදවිය නිරෝධායනයට යොමු කළ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවැසීය. නැවේ කා​ර්ය මණ්ඩලය කොවිඩ් 19 පළමු පරීක්ෂණයට යොමු කළ අවස්ථාවේ ඔවුන්ට වයිරසය ආසාදනය වී තිබෙන බව තහවුරුව තිබෙන බවත් අදාළ නැවට කොළඹ වරායේදී ඇතුළු වූ ශ්‍රී ලාංකිකයන් පස්දෙනෙකු ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සමග සබඳතා පවත්වා තිබෙන බැවින් ඒ අය නිරෝධායනයට යොමුකළ බවත් හෙතෙම පැවැසීය.

මෙලෙස නිරෝධායනයට යොමුකර ඇත්තේ නාවික පයිලට්වරු දෙදෙනකු, වෛද්‍යවරයකු ඇතුළු පස්​දෙනෙකුගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

‘ද්විත්ව පුරවැසි බාධකය’ ඉවත් කෙරෙන 20 වැනි සංශෝධනයේ වගන්තිය තවමත් ඉතිරිව තිබීම පිළිබඳව අපිට සතුටු වීමට බැහැ – අමාත්‍ය විමල් වීරවංශ

  ‘ද්විත්ව පුරවැසි බාධකය’ ඉවත් කෙරෙන 20 වැනි සංශෝධනයේ වගන්තිය තවමත් ඉතිරිව තිබීම පිළිබඳව සෑහීමකට පත් විය නොහැකි බවත් එම වගන්තිය ඉ...


Read More

20ට එරෙහි මහජන විරෝධය හේතුවෙන් ආණ්ඩුව පස්ස දොර විවෘත කිරීමේ නිර්ලජ්ජිත උත්සහායක-ජාතික සංවිධාන එකමුතුව

මහජන විරෝධයට හිස නමා 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට යම් යම් සංශෝධන ඉදිරිපත් කරන බවට ඊයේ දිනයේදී(19) අමාත්‍යය මණ...


Read More

ජනතා ආශිර්වාදය නැතිව 20 සම්මත කිරීම පරාජයක් – මැදගොඩ අභයතිස්ස හිමි

ජනතා ආශිර්වාදය නොමැතිව විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළත් එය ජයග‍්‍රහණයක් නොව පරාජයක් වන අතර අඩුපාඩු සකස් කරගෙන ...


Read More