දේශීය පුවත්

රටට තර්ජනයක් වෙමින් පවතින වර්තමානයේ ඉස්ලාම් අන්තවාදයට එරෙහි නිසි ප‍්‍රතිකර්ම නොයෙදුවහොත් එය ඊළාම් අන්තවාදයට වඩා භයානක වන බව ත‍්‍රිකුණාමල, තමන්කඩුව දෙපළාතේ ප‍්‍රධාන සංඝනායක සේරුවාවිල මංගල රාජමහා විහාරාධිපති ශාස්ත‍්‍රපති පණ්ඩිත මුංහේනේ මෙත්තාරාම නාහිමියෝ පැවසූහ.

උන්වහන්සේ මේ කරුණු හෙළිකර සිටියේ අධිනීතිඥ එල්. කේ. එන්. පෙරේරා මහතා විසින් රචිත ‘ඊළාම් මතවාදය හෙළිදරව් කිරීම’ මැයෙන් වූ ග‍්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයේදීය. එම උත්සවය පසුගිය අඟහරුවාදා කොළඹ මහජන පුස්තකාලයේදී ගිහි පැවිදි ප‍්‍රභූන් රැසකගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.

p2 1

මෙම වැඩසටහනේ මූලාසන දේශනය පවත්වමින් මෙත්තාරාම නාහිමියෝ මෙසේ ද පැවසූහ.

අද ලංකා ඉතිහාසයේ වැදගත් පොතක් නිකුත් කරනවා. එයින් සිදුකෙරෙන්නේ ඊළාම් මිථ්‍යාව හෙළිදරව් කිරීමයි. අපි සේරුවිල විහාරයේ වැඩවසන කොට තමයි ඊළාම් යුද්ධය ආරම්භ වුණේ. එය අවසන් වෙනකොටත් එහෙ තමයි හිටියේ. උතුරු නැගෙනහිර ව්‍යාජ ද්‍රවිඩ නිජබිමක් පිළිබඳ ප‍්‍රචාර යැව්වේ මහජාතියට එරෙහිවයි. එම නිජබිම් කතාව ත‍්‍රස්තවාදීන් අවියක් ලෙස භාවිතා කළා. සේරුවාවිල රජමහා විහාරය ලෝක උරුමයක් කිරීම සඳහා අපි දශක කිහිපයක සිට උත්සාහ කරනවා. එය ලෝක උරුමයක් කිරීමට එරෙහි වන්නේ ඊළාම්වාදීන්. සම්බන්ධන් පවා මෙයට එරෙහිවෙලා තියෙන්නේ. ඊළාම්වාදීන් උතුරු නැගෙනහිර පුදබිම් විනාශ කරනවා. ත‍්‍රිකුණාමලයේ උණුවතුර ළිං අසල ඓතිහාසික පුදබිම විනාශ කරලා උතුරු පළාතේ හිටපු මහ ඇමැති විග්නේෂ්වරන් වැරදි ඉතිහාසයක් ප‍්‍රචාරය කරනවා. මේ වැරදි ඉතිහාසයට එරෙහිව තමයි පෙරේරා මහතා මේ ග‍්‍රන්ථය නිකුත් කරලා තියෙන්නේ. ඇත්තෙන්ම සහරාන්ගේ කල්ලිය ගොඩනැඟූ ඉස්ලාම් අන්තවාදය ද්‍රවිඩ අන්තවාදයට වඩා භයානකයි. එයට එරෙහිව සියලූ දෙනා කටයුතු කර රට ආරක්‍ෂා කළ යුතුයි.

පළාත් පාලන රාජ්‍ය ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මෙම උත්සවය අමතමින් මෙලෙස කරුණු දැක්වීය.

ඇත්තෙන්ම අද සතුටු දිනයක්. ඊළාම් මිථ්‍යාව ගැන හෙළි කරන හොඳ ග‍්‍රන්ථයක් ලෙස මෙය අවිවාදිතයි. මෙවැනි ග‍්‍රන්ථයක් රචනා කරපු පෙරේරා මහතා සැබෑ දේශපේ‍්‍රමියෙක් බව කිව යුතුයි. හිටපු සොල්දාදුවෙක් ලෙස මම විශ්වාසයෙන් මේ ග‍්‍රන්ථය නිකුත්වීම ගැන සතුටුයි.

එදා යාපනයට කිව්වේ නාගදීපය කියලයි. ද්‍රවිඩ ජනතාව ආවේ මලබාර් දේශයෙන්. ඔවුන් මෙහි ස්ථිර පදිංචිකරුවන් නොවෙයි. මලබාර්වලින් ආපු අය තමයි මෙරට ඊළාම් මතවාදය වැපිරුවේ. ඊළාම් මිථ්‍යාව හෙළි කිරීමේ ග‍්‍රන්ථයේ කර්තෘ අධිනීතිඥ එල්. කේ. එන්. පෙරේරා මහතා මෙම උත්සව සභාව අමතමින් මෙසේ පැවසීය.

මගේ ග‍්‍රන්ථයෙන් ඊළාම් මිථ්‍යාව හෙළි කරලා කියනවා. විග්නේෂ්වරන් මහතා උතුරේ මහ ඇමැති වූ දා පටන් මිථ්‍යා අදහස් ප‍්‍රකාශ කළා. සිංහලයන්ට විරුද්ධව වැරදි අදහස් ප‍්‍රචාරය කළා. මේ ග‍්‍රන්ථය රචනා කිරීමට

විග්නේෂ්වරන්ගේ ප‍්‍රකාශත් හේතු වූවා. ඒ වැරදි ප‍්‍රචාරවලට පිළිතුරු දෙන්න මෙය ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථයක්. මෙයින් කිසිවකුට අපහාස කරන්න මට අවශ්‍ය වුණේ නැහැ. සිංහල, දෙමළ, මුස්ලිම් සියලූ දේශපාලනඥයන්ගේ ක‍්‍රියාකාරකම් මෙහි හෙළි කරලා තියෙනවා. ඇත්තෙන්ම මම මගේ රාජකාරිය ඉටු කළා. මේ රටේ ශිෂ්ටාචාරය ගොඩනැඟුවේ සිංහලයන්. එම නිසා මේ රට සිංහලයන්ගේ රටයි. මව්බිමයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More