නකල්ස් රක්ෂිතය නැරඹීමට ගොස් අතරමංව සිටි තරුණයන් 07 දෙනා පොලිසියට හමුවී ඇත.
පන්විල, රංගල, උඩුදුම්බර, ලග්ගල සහ රත්තොට යන පොලිස් ස්ථාන වල නිලධාරීන් සිදුකළ විශේෂ මෙහෙයුම් වලින් මොවුන් සොයා ගැනීමට හැකිව තිබේ.
මෙසේ අතරමංව ඇත්තේ පනාගොඩ, මීගස්මුල්ල ප්‍රදේශයේ තරුණයන් පිරිසකි.
පන්විල බඹරඇල්ල ප්‍රදේශයෙන් පසුගිය 06 වෙනිදා පස්වරුවේ නකල්ස් රක්ෂිතයට ඇතුල් වූ දුරකතන සංඥා බිඳවැටීම නිසා ඔවුන් මෙලෙස අතරමංව තිබේ.
පන්විල පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
=====================================
නකල්ස් කඳු අතරේ 07 ක් අතරමංU
විනෝද සංචාරයක් සඳහා නකල්ස් කඳුවැටිය තරණය කිරීම සඳහා ගිය හෝමාගම ප්‍රදේශයේ පුද්ගලයින් 07 දෙනෙකු අතරමං වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
පොලීසිය පවසන්නේ ඊයේ (08) රාත්‍රී 119 දුරකථන අංකයට ලැබුණු පණිවිඩයක් අනුව පන්විල, රංගල, උඩුදුම්බර, ලග්ගල සහ රත්තොට පොලිස් ස්ථාන එක්ව විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.
ඔවුන් නිවෙස් වලින් පැමිණ ඇත්තේ පසුගිය 06 වෙනිදා බව එම පවුල්වල ඥාතීහු කියති.
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් ඛනිජ තෙල් අමාත්‍යය කාංචන විජේසේකර මහතා හට ප...
ඊයේ(24) කොළඹ දී පැවැති මාධ්‍යය හමුවක් අමතමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා ප්‍රකාශ කළේ...
රිමාන්ඩ් භාරයේ සිටි අරග්ලකරුවන් අතරින් සිව් දෙනෙකුට ඇප නියම වී ඇති බව වාර්තාවේ. ඒ අනුව ජගත් මනුවර්ණ, ජෙහාන් අප්පුහාමි, ධම්මික මුණසිංහ ...