දේශීය පුවත්

ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ සාකච්ඡාවක් හෙට (10) දිනයේදී පැවැත්විමට නියමිතය.

හෙට පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී මෙම සාකච්ඡාව පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාවෙන් අනතුරුව ඒකාබද්ධ විප්කෂයේ මන්ත්‍රි කණ්ඩායම හමුවන පළමු අවස්ථාව මෙය බව සඳහන්ය.

කෙසේවෙතත් මෙහිදී විශ්වාසභංග යෝජනාව පරාජයවිමට බලපෑ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට ද නියමිතව තිබේ.

එමෙන්ම ඉදිරි දේශපාලනික කටයුතු සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කිරිමට සැලසුම් කර ඇති බවයි දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More