දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා අධිකාරිවරයා විසින් නිකුත් කළ නිවේදනයකට අනුව ශ්‍රී ලංකාවේ සියළුම ජාත්‍යයන්තර ගුවන් තොටුපලවල් එළඹෙන නොවැම්බර් මස 15 වන දින දක්වා වසා තැබීමට කටයුතු යොදා ඇති බව වාර්තාවේ. සිවිල් ගුවන් සේවා අධිකාරිවරයාගේ මින් පෙර පැවැති නිවේදනයට අනුව ගුවන් තොටුපල ඔක්තෝබර් මස පළමුවන දා දක්වා පමණක් වසා තැබීමට නියමිතව තිබුණි.

කෙසේ වුවද නැවත මව්බිමට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් රැගෙන එන ගුවන් යානා, තාක්ෂණික හේතු මත පැමිණෙන ගුවන් යානා, ඉන්ධන සපයා ගැනීම පිණිස පැමිණෙන ගුවන් යානා සහ කාර්ය මණ්ඩලය විවේක ගැන්වීම පිණිස පැමිණෙන ගුවන් යානා වලට මෙම තහනම බල නොපැවැත්වේ.

එහෙත් මෙම සියළුම ගුවන් යානා ශ්‍රී ලංකාව තුළට පැමිණීමේදි එහි සිටින කාර්ය මණ්ඩලය සහ අනෙකුත් මගීන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍යය අධ්‍යයක්ෂක ජනරාල් වරයා නිකුත් කර ඇති කෝවිඩ් 19 වෛරසය පාලනය පිණිස නිර්දේශිත සියළුම නිර්ණායක පිළිපැදිය යුතු වේ.

අප මේ සම්බන්ධයෙන් වසංගත රෝග නිවාරණ විශේෂඥයකුගෙන් කළ විමසීමේදී පවසා සිටියේ සිවිල් ගුවන් සේවා අධිකාරිවරයා ගනු ලැබූ මෙම තීරණය ඉතාමත් කාලෝචිත බවයි

අසල්වැසි ඉන්දියාව තුළ කෝවිඩ් 19 වෛරසය වසංගතය බරපතල ලෙස පැතිරී යන තත්වයක් තුළ ශ්‍රී ලංකාවේ ජාත්‍යයන්තර ගුවන් තොටුපලවල් විවෘත කර තැබීම නැවත වටයකින් කෝවිඩ් 19 වෛරසය වසංගතය මෙරටට ඇතුළු වීමට ඉඩ සැලසීමක් බව ඔහු සඳහන් කර සිටියේය. යාපනය, කටුනායක, මත්තල සහ රත්මලාන යන ගුවන් තොටුපල වලට සිවිල් ගුවන් සේවා අධිකාරිවරයාගේ මෙම නියෝග බල පැවැත්වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More