දේශීය පුවත්

20 වෙනි සංශෝධනය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පත්කරන ලද කමිටුවේ නිර්දේශයන් පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී ඇතුළත් කරන බව අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා පවසා ඇතැයි අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

අගමැතිවරයා විසින් පත්කරන ලද කමිටුව ඔහුගේම ප්‍රධානත්වයෙන් රැස්වී ඔහු ඉදිරියේදීම අවසාන නිගමනයට පැමිණි බවද වීරවංශ මහතා පැවසීය.

ඒ අනුව අවසානයේ දී කමිටුව එකඟ වූ නිගමනයන්ට කාරක සභා අවස්ථාවේදී සංශෝධන ගෙන එන බව අග්‍රාමාත්‍යවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇතැයිද ඇමතිවරයා සඳහන් කළේය.

20 වන සංශෝධන පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කරන සංශෝධන සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදී වීරවංශ මහතා මෙම අදහස් පල කරන ලදී.

https://www.facebook.com/NewsfirstSL/videos/315209826445076/?t=1



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More