විදේශ පුවත්

රුසියානු ජනාධිපති, ව්ලැදිමීර් පුටින් පසුගියදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ, 75 වන සැසිවාරයට සහභාගිවෙමින් පැවසුවේ, ගෝලීය වෙළඳාම නිත්‍යානුකූල නොවන, අසාධාරණ සම්බාධකවලින් නිදහස් කළ යුතු බවයි.

අඟහරුවාදා එම රැස්වීම අමතමින් පුටින් කියා සිටියේ කොරෝනා වෛරසය මගින් සිදු වූ හානියෙන් ගෝලීය ආර්ථිකය නැවත පණ ගැන්වීමට බොහෝ කාලයක් ගතවනු ඇති බවයි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය “සියලු රටවල අවශ්‍යතා පූර්ණ ලෙස සැලකිල්ලට ගත යුතුය” යනුවෙන් රුසියානු ජනාධිපතිවරයා පැවසීය.

මූලික වශයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ, ආහාර, ඖෂධ සහ පුද්ගලික ආරක්ෂක උපකරණ සඳහා වෙළඳ යුධ හා සම්බාධකවලින් තොර හරිත කොරිඩෝර හඳුන්වාදීම පිළිබඳ රුසියානු යෝජනාවට නැවත වරක් අවධානය යොමු කරන ලෙස ඔහු එක්සත් ජාතීන්ගෙන් ඉල්ලා සිටියේය.

ලෝක වෙළඳාම සම්බාධක වලින් නිදහස් කිරීම, ගෝලීය වර්ධනය යථා තත්ත්වයට පත් කිරීමට සහ විරැකියාව අඩු කිරීමට උපකාරී වනු ඇති බව රුසියානු නායකයා තවදුරටත් පෙන්වා දෙනු ලැබීය.

ගෝලීය ආර්ථිකය පිළිබඳ සටහනක් තබමින් රුසියානු නායකයා සඳහන් කළේ, “වසංගතය හා සම්බන්ධ සමාජ-ආර්ථික කම්පනයේ පරිමාව සහ ඉදිරියට ඇතිවිය හැකි සියලු ප්‍රතිවිපාක පිළිබඳව විශේෂඥයන් තවමත් තක්සේරු කර නැත.” යන්නයි.

මේ අතර, මෙම Covid-19 අර්බුදය පැවති සමයේ සමහර රටවල් කටයුතු කළ ආකාරයෙන් “මනුෂ්‍යත්වයේ ඌනතාවක්” පෙන්නුම් කළ බවත් පුටින් අවධාරණය කළ සිටියේ ය.

ඒ අතරම වසංගතය මැඩපැවැත්වීමේදී දේශසීමා බාධක නොසලකා, බොහෝ රටවල වෛද්‍යවරුන්, ස්වේච්ඡා සේවකයන් සහ පුරවැසියන් සහයෝගීතාවයෙන් කටයුතු කිරීමත්, බොහෝ රාජ්‍යයන් උනන්දුවෙන් හා විවෘතව එකිනෙකාට උදව් කර තිබීමත් අගයකරීමට රුසියානු නායකයා අමතක නොකළේය. මනුෂ්‍යත්වයට දේශ සීමා මායිම් නොමැති බව මෙහිදී ඔහු ප්‍රකාශ කර සිටියේය.

රුසියානු ජනපති ව්ලැදිමීර් පුටීන් අවසාන වශයෙන් එක්සත් ජාතීන්ගෙන් ඉල්ලා සිටියේ, බහු පාර්ශවීය හා ද්වි පාර්ශවික ජාත්‍යන්තර සම්බන්ධතා වලදී, මානුෂීය සංඝටකය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට උත්සාහ ගන්නා ලෙසයි.

මූලාශ්‍ර www.rt.com



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More