දේශීය පුවත්

රජය  විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පත තුළින් මූලික අයිතීන් උල්ලංඝනය වීමක් සිදුවන හෙයින් එම පනත් කෙටුම්පත ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වී තිබේ.

නීතිඥ ඉන්දික ගාල්ලගේ මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර ඇති අතර එහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබේ.

නීතිඥ දර්ශන වේරදුවගේ මහතා මාර්ගයෙන් ඉදිරිපත් කර තිබෙන මෙම පෙත්සම තුළින් පෙත්සම්කරු සඳහන් කර සිටින්නේ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 20 සංශෝධන පනත් කෙටුම්පත තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික තිබෙන මූලික අයිතිවාසිකම් හා වෙනත් ප්‍රතිපාදන ගණනාවක් කප්පාදුවීමක් සිදු වන බවය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය මාර්ගයෙන් හඳුන්වාදුන් ජනාධිපතිවරයාට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීමට තිබෙන අවස්ථාව අහිමි කිරීම, මැතිවරණ කොමිසම මගින් නිකුත් කරන නියෝගයක් උල්ලංඝනය කළ අවස්ථාවක අපරාධ නඩු පැවරීම සඳහා එම කොමිසමට ලබාදී තිබු බලය කප්පාදු කිරීම සහ ජනාධිපති සහ අග්‍රාමාත්‍ය කාර්යාල මෙන්ම රාජ්‍ය සමාගම් විගණනයන් ඉවත් කිරීම ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයින්ට පාර්ලිමේන්තුව සහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තිබූ බාධාව ඉවත් කිරීම යනාදී මහජනතාවට දැඩි ලෙස අගතිගාමි වන ප්‍රතිපාදන යෝජිත විසිවන සංශෝධන පනත් කෙටුම්පතෙහි අන්තර්ගතව තිබෙන බව පෙත්සම්කරු චෝදනා කරයි.

එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය මගින් අහෝසි කෙරුණු හදිසි පනත් කෙටුම්පත් ගෙන ඒමට තිබූ අවස්ථාව යෝජිත විසිවන සංශෝධනය තුළින් යළි හඳුන්වා දී ඇතැයි ද පෙත්සම්කරු සඳහන් කර තිබේ.

එමෙන්ම අල්ලස් කොමිසමට පැමිණිල්ලකින් තොරව අල්ලස් සිද්ධියක් විමර්ශන කිරීමටත් තිබෙන අවස්ථාව ද යෝජිත විසි වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත තුළින් අහෝසි කර ඇති බවත් විගණකාධිපති තනතුර සඳහා තේරීපත්වීමට තිබිය යුතු සුදුසුකම් ද ඒ තුළින් ඉවත් කර ඇති බව ද පෙත්සම්කරු සිය පෙත්සමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටී.

යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් මෙන්ම වෙනත් වගන්ති ද උල්ලංඝනය වීමක් සිදුවන හෙයින් එම පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ පසුව එය ජනමත විචාරණයකින් ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ද පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.



One thought on “20 අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්”

  1. මුන් ඔක්කොම 70 වට දුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු 7 දෙනාගෙ ඒකමතික තීරණය ගැන නිහඩයි…..හූ….

Leave a Reply to Gamini Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More