13 වන ව්‍යවස්ථා සංශෝධනය හෝ පළාත් සභා සම්බන්ධයෙන් තමන් දැරූ මතය කිසිවිටෙකත් වෙනස් කර නොමැති බව සරත් වීරසේකර මහතා පවසයි.
පළාත් සභා සම්බන්ධයෙන් තමා දැරූ ස්ථාවරය වෙනස්කර ඇති බවට හැගෙන ලෙසින් විකෘති ලෙස කොටස් කරන ලද ප්‍රකාශයක් භාවිතා කරමින් රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කරමින් පවතින බවද ඔහු පවසයි.
ඔහු මේ සම්බන්ධයෙන් තම නිල ෆෙස්බුක් පිටුවේ තබා ඇති සටහන පහතින්
13වෙනි සංශෝධනයට මම එදා සිටම විරුද්ධයි… රාජ්‍ය ඇමති වුනා කියලා මගේ ස්ථාවරය වෙනස් වෙලා නෑ!
13වෙනි ව්‍යවස්ථා සංශෝධනයට තමන් එදා සිටම විරුද්ධ බවත්, ඉංදියාව විසින් අප වෙත බලෙන් පැටවූ එයින් අප ලද දෙයක් නොමැති බවත්, 13 වෙනි සංශෝධනය නිසා ලද පළාත් සභාවන්ගේ රාජ්‍ය ඇමති වූ පමණින් ඉන් තමාගේ ස්ථාවරයේ වෙනස් වී නොමැති බවත් පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි. (උපුටා ගැනීම අද දෙරණ – සිංහල)#SarathWeerasekera #ReAdSarath #StateMinister #ProvincialCouncils #LocalGovernment #13thAmendmentSL #SLConstitution #Colombo #SriLanka
Gepostet von Sarath Weerasekera am Samstag, 19. September 2020

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...