දේශීය පුවත්

විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මේ වන විට දේශපාලන පක්ෂ කිහිපයක් අතර සාකච්ඡාවක් ආරම්භ වී තිබෙන බව විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයේන දෙමළ ජාතික සන්ධානයේ සහ ආණ්ඩුව නියෝජනය කරන ඇතැම් ජනතා නියෝජිතයින් සහ ඒකාබද්ධ විපක්ෂය අතර පැවති සාකච්ඡා සාර්ථක තත්ත්වයක පසුවන බවද එම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකධුරයේ වගකීම නිසි පරිදි ඩටු නොකරන බවට විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතාට එල්ලවී තිබෙන ප්‍රධානතම චෝදනාව බවද එම මන්ත්‍රිවරයා සඳහන් කරයි.

අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කරනු ලැබූ විශ්වාසභංග යෝජනාවේදී අග්‍රාමාත්‍යවරයාට සහාය දැක්වීම, සෑම අයවැයකදීම ආණ්ඩුවට පක්ෂව ඡන්දය ලබාදීම, රටේ බරපතල කිසිදු ගැටලුවක් සාකච්ඡා නොකර සිටීම, රටේ ජාතික ආරක්ෂාවට හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අහිතකර ඉල්ලීම් ඉටුකරදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටීම, ඇතැම් අවස්ථාවලදී උතුරු නැගෙනහිර පළාත්වල ගැටලු වෙනුවෙන් පමණක් පාර්ලිමේන්තුවේ පෙනී සිටීම ඇතුළු වෝදනා රැසක් යටතේ විපක්ෂ නායකට එරෙහි මෙම විශ්වාසභංග යෝජනාව කෙටුම්පත් කිරීමට නියමිත බවද එම මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.

රටේ විවිධ ක්ෂේත්‍රවල ජනතා ගැටළු රසක් තිබුණද ඒවා ගැන පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේත් ප්‍රශ්න නොකර නිහඩ පිළිවෙතක් අනුගමනය කිරීම බරපතල වරදක් බවද එම මන්ත්‍රිවරයා ප්‍රකාශ කරයි.

ලෝකයේ කිසිදු රටක පාර්ලිමේන්තුවක විපක්ෂ නායකවරයෙකු ආණ්ඩුව බේරාගැනීමට ක්‍රියා නොකරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත්වුණු විශ්වාසභංග යෝජනාව පරාජයට පත්කිරීම සදහා රටට එරෙහි කොන්දේසි කිහිපයක්ම විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා විසින් ඉදිරිපත් කර තිබීම ඉතා බරපතල භයානක තත්ත්වයක් බවද විපක්ෂය නියෝජනය කරනු ලබන එම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More