දේශීය පුවත්

යහපාලන රජයේ දූෂණ විරෝධී කමිටුව පිහිටුවීම පිණිස හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කර ඇති කැබිනට් පති‍්‍රකාව සම්බන්ධයෙන් තමාට වගකීමක් ගත නොහැකි බව හිටපු විදේශ ඇමැති සහ මුදල් ඇමැති මංගල සමරවීර මහතා සැප්තැම්බර් 19 දා රැස්වූ යහපාලන රජයේ දේශපාලන පළිගැනීම් පරීක්‍ෂා කිරීමේ කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් ප‍්‍රකාශ කළේය.

“මේ කියන දූෂණ විරෝධී කමිටුවේ තමා සාමාජිකයෙක් බව දැන ගත්තේ කැබිනට් පති‍්‍රකාව දුටු අවස්ථාවේදී” යයි මංගල සමරවීර මහතා කොමිසම හමුවේ ප‍්‍රකාශ කළේය.

ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා විසින් යහපාලන රජයේ දේශපාලන පළිගැනීම් පරීක්‍ෂා කිරීමේ කොමිසම හමුවේ සිදුකරන ලද පැමිණිල්ලකට අදාළව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා අදාළ කොමිසම හමුවට කැඳවා තිබුණි.

කොමිසමේ සාමාජිකයන් විසින් අසන ලද ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් දූෂණ විරෝධී කමිටුවේ අනුකමිටුවක තමා සභාපතිවරයෙක් ලෙස නම් කර තිබුණත් තමා ඒවාට සහභාගි වූයේ නැතැයි හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා කියා සිටියේය.

විදේශ ඇමැති ලෙස රටේ ජාතික ප‍්‍රතිරූපය හදා ගැනීමේ වගකීමක් හොරු අල්ලනවට වඩා ඉහළින් තමාට තිබූ බවද එවැනි දූෂණ විරෝධී කමිටුවක් තිබූ බව තමා දැනගෙන සිටියේ නැති බවද ඒ මහතා කොමිසම හමුවේ වැඩිදුරටත් කියා සිටියේය.

මහින්ද රාජපක්ෂ රජයේ මහා පරිමාණ වංචාවන්ට එරෙහි කටයුතු කිරීමට ජනවරමක් යහපාලන ආන්ඩුවට ලැබුණත් එසේ නොකිරීම නිසා ජනතාව යළි වතාවක් දඬුවම් කර තිබෙන බවද මංගල සමරවීර මහතා කොමිසම  හමුවේ ප්‍රකාශ කළේය.

දූෂණ විරෝධී කමිටුවට වියදම් කළ මුදල සම්බණ්ධයෙන් කොමිසම කළ විමසීමේදී මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේ දූෂණ විරෝධී කමිටුවට වියදම් කළ මුදල, මුදල් අවභාවිතාවක් ලෙස තමා නොදකින බවත් වසර තුනකට රු. මිලියන 33 ක් යනු මහා පරිමාණ වියදමක් නොවන බවත්ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More