දේශීය පුවත්

එක්සත් ජාතීන්ගේ 75 වන සංවත්සරයට සමගාමීව ඉහළ පෙළේ එක් දින සමුළුව ඊයේ( සැප්තැම්බර් 21 ) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී‍ 7.45ට නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානය කේන්ද්‍රකර ගනිමින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ ආරම්භ කෙරුණු අතර ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී‍ 9.45ට පමණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමුළුව අමතනු ලැබීය. මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

“රාජ්‍යයන්හි අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම අප එක්සත් ජාතීන්ගෙන් අපේක්ෂා කරන්නෙමු” යැයි එක්සත් ජාතීන්ගේ ඉහළ පෙළේ එක්දින සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

ලෝකය පොදු හා අසමාන තර්ජනයකට මුහුණ පා සිටි. “අපට අවශ්‍ය එක්සත් ජාතීන්” (United Nation We Need) යන පාඨය රාජ්‍යයන්ගේ ස්වෛරි සමානාත්මතාවට සහ භෞමික අඛණ්ඩතාවට දක්වන ගෞරවය නිසි අවධානයට ලක් කරනු ඇතැයි තමා විශ්වාස කරන බව රාජපක්ෂ මැතිතුමා කියා සිටී.

සුළු පිරිසකගේ අවශ්‍යතාවට කිසිදු රටක් ප්‍රාණ ඇපයට නොගැනීමෙන්, සාමාජික රටවල් සහ එක්සත් ජාතීන් අතර හවුල්කාරිත්වය මෙන්ම එක්සත් ජාතීන්ගේ තිරසර පැවැත්ම උපරිමයෙන් සාක්ෂාත් කරගත හැකි බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

2019 වසරේ ජුනි මාසයේ දී එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් අතර වූ එකඟතාව අනුව එක්සත් ජාතීන්ගේ 75 වන සංවත්සරයට සමගාමීව ඉහළ පෙළේ එක් දින සමුළුව ඊයේ( සැප්තැම්බර් 21 ) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී‍ 7.45ට නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානය කේන්ද්‍රකර ගනිමින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ ආරම්භ කෙරිණ. ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී‍ 9.45ට පමණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමුළුව ඇමතීය.

මහා මණ්ඩල සැසිවාරයේ සභාපති වොල්කන් බොස්කීර් (Volkan Bozkır) සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුතේරස් 75 වන සමුළුවේ පළමු සහ දෙවන ප්‍රකාශ කළහ. රාජ්‍ය නායකයෝ 180 දෙනෙක් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සමුළුව ඇමතූහ.

කොවිඩ් -19 වසංගතය රටවල ආර්ථිකයන්, සෞඛ්‍ය පද්ධති අඩපණ කරමින් ලෝකය පීඩාවට පත් කර ඇත. දැනුවත් මැදිහත්වීමක් මගින් කොවිඩ් 19 අභියෝගයට සාර්ථකව මුහුණදීමට හැකි වූ බව ජනාධිපතිතුමා පැවසීය. ශ්‍රී ලංකාව පළමු රෝගියා හඳුනාගැනීමටත් පෙර කොවිඩ් නිවාරණ ජාතික ක්‍රියාකාරී කමිටුව පත් කළ බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. සෞඛ්‍ය හා ආරක්ෂක අංශ සහ ජාතික හා ප්‍රාදේශීය මට්ටමේ සිවිල් අධිකාරිය එම සංයුතියට ඇතුළත් විය. ශ්‍රී ලංකාවේ කොවිඩ් -19 රෝගින්ගේ සුවවීමේ අනුපාතය 90% ඉක්මවන අතර, එය ගෝලීය සුවවීමේ අනුපාතයට ඉහළ අගයකි. “සොයා ගැනීම හා නිරෝධායනය” එම සාර්ථකත්වයට පිටිවහලක් වූ ප්‍රබලතම ශක්තිය බව ජනාධිපතිතුමා සඳහන් කළේය. ගත වූ මාසයකට වැඩි කාලයක් ඇතුළත කිසිදු කොවිඩ් ආසාධිතයෙකු රට තුළින් වාර්තා වී නැතැයි ජනාධිපතිතුමා කීය.

“ධරණීය සංවර්ධන න්‍යාය පත්‍රය 2030” සාක්ෂාත් කර ගැනීමට ශ්‍රී ලංකාව කැප වී සිටී. කෘෂිකර්මික පදනමක් සහිත නිෂ්පාදන ආර්ථිකයක් තුළින් දරිද්‍රතාව පිටුදැකීම තම රජයේ ප්‍රධාන අභිමතාර්ථය බව ජනාධිපතිතුමා පැවසීය. ආනයන මත අර්ධ සීමා පැනවීම හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහන සැලසීම වසර මුලදී දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනයට රජය ගත් ක්‍රියාමාර්ග කිහිපයකි. එමගින් අපේක්ෂිත ප්‍රතිලාභ අත්කර ගැනීමට හැකි වූ බව ජනාධිපතිතුමා කියා සිටියේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ශක්තිමත් කිරීමට ගනු ලබන ප්‍රයත්නයන් එහි සාමාජිකයෙකු වන අපගේ අනාගතය සහතික කිරීම පිණිස ඉවහල් වනු ඇතැයි ජනාධිපතිතුමා විශ්වාසය පළ කළේය.

– ජනාධිපති මාධ්‍ය අංශය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More