සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගාල්ල , මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි.
දිවයින හරහා නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රීයව පවතින බැවින් දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර ඊසාන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඉදිරි දින කිහිපයේ මධ්‍යම, ඊසාන දිග, සහ නැගෙනහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල තද හෝ ඉතා තද ප්‍රහාරාත්මක සුළං, තද වැසි සහ රළු හෝ ඉතා රළු මුහුදු ප්‍රදේශ ඇති විය හැකි ය.
එම මුහුදු ප්‍රදේශවලට ලබන 22 වැනිදා දක්වා යාත්‍රා කිරීමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධිවර හා නාවුක ප්‍රජාවට දැනුම් දෙයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ, එම මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල යෙදී සිටින්නේ නම් හැකි ඉක්මනින් වඩාත් ආරක්ෂිත මුහුදු ප්‍රදේශ වෙත යාත්‍රා කරන ලෙස ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...