මෙරට ක්‍රියාත්මක කර ඇති මංතීරු නීතිය ලෝකයේ කිසිම රටක නැති අන්තිම අසාර්ථක එකක් යයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.
එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා සඳහන් කරන්නේ වෙනත් රටවල මංතීරු නීති හඳුන්වා දෙන්නේ පොදු ප්‍රවාහන සේවයට ජනතාවගේ වැඩි නැඹුරුවක් ඇති කිරීමට බවයි.
නමුත් ලංකාවේ සිදුකර ඇත්තේ එමගින් පොදු ප්‍රවාහනය අධෛර්යයට පත් කිරීමට බව ඔහු පෙන්වා දෙයි.
බස්රථ ත්‍රී රෝද රථ හා යතුරු පැදි මාර්ගයේ එක් මංතීරුවක ගාල්කර පන්ති භේදය ඇති කර ඇති බව ද ඔහු චෝදනා කරයි.
මෙම නීතිය ක්‍රියාත්මක වන්නේ මාර්ග තදබදය ගැන පරිසර දූෂණය ගැන සිතා නොවන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...