ක්‍රීඩා පුවත්

ඬේවිස් කුසලාන ටෙනිස් තරග මාලාවේ ආසියා ශාන්තිකර කළාපීය II කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර පැවැත්වෙන තරගාවලිය පළමු දිනය අවසානයේ තරග 1-1 ක් ලෙස සම තත්ත්වයට පත් කිරීමට හර්ෂණ ගොඩමාන්න සමත් විය.

ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මූලස්ථාන ක්‍රීඩංගණයේදී පැවැත්වෙන මෙම තරගාවලියේ පළමු දිනය වූ අද (7 වැනිදා) කේවල තරග 2 ක් පැවැත්විණ. පළමු කේවල තරගයේදී වට 2-1 ක් ලෙස ශාමල් දිසානායක පරාජය කළ ක්‍රිස්ටෝපර් රංග්කට්, තරග 1-0 ක් ලෙස ඉන්දුනීසියාව පෙරමුණට ගෙන ඒමට සමත් විය.

කෙසේ වුවත් දෙවැනි කේවල තරගයේදී වට 2-0 ක් ලෙස ඬේවිඞ් අගුන්ග්ට එරෙහිව පහසු ජයක් ලැබූ හර්ෂණ ගොඩමාන්න, තරග 1-1 ත් ලෙස තරගාවලිය සම තත්ත්වයට පත් කළේය. තරගාවලියේ අවසන් දිනය වන හෙට (8 වැනිදා) යුගල තරගයක් සහ තවත් කේවල තරග 2 ක් පැවැත්වීමට නියමිතය.

මෙම තරගාවලියෙන් ජයග්‍රහණය ලබන කණ්ඩායමට තවදුරටත් II කාණ්ඩයේ රැදී සිටීමට අවස්ථාව උදා වන අතර පරාජයට පත්වන කණ්ඩායමට III කාණ්ඩය දක්වා පසුබැසීමට සිදුවේ. අනුව කණ්ඩායම් දෙකටම මෙය ඉතා තීර්ණාත්මක තරගාවලියක් වනු ඇත.

පළමු දිනයේ තරග ප්‍රතිඵල
■ ක්‍රිස්ටෝපර් රංග්කට් (ඉන්දුනීසියාව) විසින් වට 2-1 ක් ලෙස ශාමල් දිසානායක (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි.
■ හර්ෂණ ගොඩමාන්න (ශ්‍රී ලංකාව) විසින් වට 2-0 ක් ලෙස ඬේවිඞ් අගුන්ග් (ඉන්දුනීසියාව) පරාජය කරන ලදි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More