දේශීය පුවත්

ඇමැති නිමල් සිරිපාල ද සිල්වා ගේ ප‍්‍රධානත්වයෙන් පැවති උත්සවයකට සහභාගී වූ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා විසින් දැඩි විරෝධයක් එල්ල කරනු ලැබීය.

හපුතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සදහා නව දෙමහල් ගොඩනැගින් විවෘත කිරීමේ දී උත්සවයේදී තමන්ව නොසලකා කටයුතු කලේ යයි එම අවස්ථාවට පැමිණි මන්ත්‍රිවරයා දැඩිව දොස් පවරා සිටියහ.

තමන් හපුතලේ ආසන සංවිධායක බවත් තමන් නොසලකා මෙම කටයුත්තක් සිදු කිරීම ගැන තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රාදේශීය ලේකම්දවරයාට දොස් පවරා සිටියේ මින් ඉදිරියට මේ අයුරින් සිදුවන අක්‍රමවත් විවෘත කිරීමේ උත්සව සඳහා තමන් සහභාගී නොවන බව පවසමිනි.

අනතුරුව පැවති උත්සව සභාවේ වේදිකාවේද අමතමින් මන්ත්‍රීවරයා කියා සිටියේ මෙම ස්ථානයේ කීමට තිබෙන දේ නිවෙසට ගොස් බිරිඳ සමග කීමේ පුරුද්දක් තමන්ට නොමැති බවය. එමෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාව තමන්ව පාර්ලිමේන්තුවට තෝරා පත්කර යැව්වේ එකට එක්ව වැඩ කිරීමට බවත්, ඒ නිසා ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ සංකල්පයට අනුව එක්ව වැඩ කිරීමට තමන් ඕනෑම මොහොතක සුදානම් බව කියා සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More