පුත්තලම දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් අද (19) ජනාධිපති ගෝඨාභාය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක්විය.
මෙහිදී ජනතාව ඉදිරිපත් කළ ගැටලුවලට විසඳුම් ලබාදීමටද ජනාධිපතිවරයා පියවර ගත්තේය.
ප්‍රථමයෙන් ජනාධිපතිවරයා මදුරන්කුලිය, වාලච්චේන වතුයායේ ක්‍රියාකාරකම් විමසා බැලුවේය.
අක්කර 10ක සාර්ථක ආදර්ශ මිදි වගාවක් ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක් විය.
ඉතාලි රජයෙන්, අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට දුන් පරිත්‍යාගයකින් ඉදිකළ කෘෂි තාක්ෂණික ආයතනය ජනාධිපතිවරයා විසින් එහිදී විවෘත කරනු ලැබීය.
ඉන් අනතුරුව මදුරන්කුලිය ආදර්ශ විද්‍යාලය වෙත ගිය ජනාධිපතිවරයා එහි සිසු සිසුවියන් සමග සුහද පිළිසඳරක නිරත විය.
මදුරන්කුලිය වාලච්චේන සිට දළුව ප්‍රදේශයට ගමන් කළ ජනාධිපතිවරයා මග දෙපස රැස්ව සිටි ජනතාවගෙන්ද තොරතුරු විමසනු ලැබීය.
කෙසේ වෙතත් පුත්තලම දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධීවර හා මිරිදිය මත්ස්‍ය කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා මෙම චාරිකාවට එක්ව නොසිටීම විශේෂත්වයකි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...