කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාශයට අනුයුක්තව සේවය කළ ප්‍රදීප් කුමාර බන්ඩාර නම් 31 හැවිරිදි පොලිස් කොස්තාපල් වරයා පසුගිය දිනක කොළඹ වරායේ සිට හෙරොයින් කිලෝ ග්‍රෑම් 23ක් තම සහෝදරයා වෙත භාර දීමට රැගෙන යමින් සිටියදී පොලිස් අත් අඩංගුවට පත් විය.
කෙසේ වුවද පොලිස් අත්අඩංගුවෙන් මිදී යාමට සමත් වූ ප්‍රදීප් කුමාර බන්ඩාර ඉන්දියාවේ රාමනාදපුරම් දිස්ත්‍රික්කයේ මන්ඩප්පම් පලාතට හොර රහසේම ඇතුළු වී තිබුණි. එහෙත් ඔහුව භාර ගැනීමට නියමිතව සිටි ඉන්දීය ජාතික ධීවරයා නිෂ්චිත වේලාවට නොපැමිනීම හේතුවෙන් සහ ඔහුගේ ජංගම දුරකතනය ක්‍රියා විරහිත වීම හේතුවෙන් ඉන්දීය ජාතිකයන් කිහිප දෙනෙකු වෙත ගොස් අළුත් ජංගම දුරකතනයක් මිළදී ගැනීමට උත්සහා කිරීමේදී ඇතිවූ සැකය හේතුවෙන් ඔහුව ඉන්දීය පොලිසියට භාර දීමට මන්ඩප්පම් ප්‍රදේශයේ ජනතාව කටයුතු කර තිබුණි. අත්අඩංගුවෙන් පසුව පුෂ්වාල් මධ්‍යම බන්ධනාගාරයේ රඳවා සිටි ප්‍රදීප් කුමාර බන්ඩාර පිළිබඳ පරීක්ෂණ කටයුතු මන්ඩප්පම් පොලිසියෙන් රාමනාදන්පුරම් මධ්‍යයම අපරාධ පරීක්ෂණ ඒකකයට භාර දෙන ලෙස තමිල්නාඩු පොලිස් අධ්‍යක්ෂක වරයා කළ නියෝගයකට අනුව නියෝජ්‍යය පොලිස් අධිකාරි රාගු මහතා වෙත ප්‍රදීප් කුමාර බන්ඩාර සම්බන්ධයෙන් වන විමර්ෂණ කටයුතු භාර දී ඇත. ඒ අනුව දින හතරක් ප්‍රදීප් කුමාර බන්ඩාරව රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට රාමනාදන්පුරම් මහේස්ත්‍රාත් අධිකරණය නියෝජ්‍යය පොලිස් අධිකාරි රාගු මහතා වෙත අවසර ලබා දී ඇත.
ඒ අනුව තමිල්නාඩු පොලිසිය ප්‍රදීප් කුමාර බන්ඩාර සහ අංගොඩ ලොක්කා අතර යම් සම්බන්ධයක් තිබේ දැයි පරීක්ෂණ කටයුතු කෙරෙමින් පවතී.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකට පිළිතුරු දුන් ශ්‍රී ලංකා පොලිසියේ ඉහළ නිළධාරියෙකු පවසා සිටියේ ප්‍රදීප් කුමාර බන්ඩාරව ශ්‍රී ලංකාවට ගෙන ඒ මට රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීමක් කිරීමට බලා පොරොත්තු වන බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...