මෙරට පොකුණු ඉස්සන් වගාවට හානිකර විය හැකි ඉස්සන් විශේෂයක් වගා කිරීම සඳහා ගෙන්වීමට එරෙහිව හලාවත ප්‍රදේශයේ ධීවරයින් පිරිසක් විරෝධය පල කරයි.
ශ්‍රී ලංකා ජල ජීවි වගා සංවර්ධන සන්ධානයේ නියෝජිතයන් පිරිසක් මේ සම්බන්ධයෙන් ඊයේ (07) හලාවත පොලිස් අධිකාරී කාර්යාලයට කරුණු ඉදිරිපත් කර තිබේ.
එම නියෝජිතයන් පෙන්වා දෙන්නේ නයිනමඩම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් අමෙරිකාවෙන් ආනයනය කිරිමට සැලසුම් කර ඇති එම ඉස්සන් විශේෂය පරීක්ෂා කිරීම සඳහා ගුවන්තොටුපල සතුව ප්‍රමාණවත් නිරෝධායන පහසුකම් නොමැති බවයි.
එවැනි තත්ත්තවයක් යටතේ අභිජනනය සඳහා අදාළ ඉස්සන් වර්ගය ගෙන්වීමට ඉඩදීමෙන් මෙරට ඉස්සන් කර්මාන්තයට සහ මහජන සෞඛ්‍යයට බලපෑම් එල්ල විය හැකි බව එම නියෝජිතයින් පෙන්වා දෙයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් ඛනිජ තෙල් අමාත්‍යය කාංචන විජේසේකර මහතා හට ප...
ඊයේ(24) කොළඹ දී පැවැති මාධ්‍යය හමුවක් අමතමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා ප්‍රකාශ කළේ...
රිමාන්ඩ් භාරයේ සිටි අරග්ලකරුවන් අතරින් සිව් දෙනෙකුට ඇප නියම වී ඇති බව වාර්තාවේ. ඒ අනුව ජගත් මනුවර්ණ, ජෙහාන් අප්පුහාමි, ධම්මික මුණසිංහ ...