දේශීය පුවත්

ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමාගේ 156 වන ජන්ම දින සැමරුම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මාළිගාකන්ද අග්‍ර බෝධි ශ්‍රාවක මහා විහාරස්ථානයේදී දී ඊයේ(17 ) දින සමරන ලදී. එම අවස්ථාවට සපැමිණි ජනාධිපති තුමාව පිළිගනු ලැබුවේ මහා බෝධි සංගමයේ වත්මන් සභාපති පූජ්‍යය බානගල උපතිස්ස හිමියන් විසිනි.

විහාරස්ථාන භූමියේ ස්ථාපිතව තිබෙන අනගාරික ධර්මපාල පිළිරුවට පුෂ්පෝහාර දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දේශීය වෛද්‍යය කටයුතු ප්‍රවර්ධනය කිරීමේ අමාත්‍යාංශය විසින් දියත් කරනු ලබන “සුව ධරණී” වැඩසටහනෙහි ආරම්භය සනිටුහන් කරනු පිණිස විහාරස්ථ භූමියේ රත් හඳුන් පැලයක් රෝපනය කරණු ලැබීය.

ඉන් අණතුරුව අනගාරික ධර්මපාල තුමන්ගේ ඥාතියකු වන සුධම්මික හේවාවිතාරණ මහතා විසින් අනගාරික ධර්මපාල තුමාගේ රුව ඇතුලත් සමරු සටහනක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිරි නැමුණි.
මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂමන් මහතා විසින් රුපියල් පන්සියයක් වටිනා අනගාරික ධර්මපාල තුමාගේ රුව ඇතුලත් සමරු කාසියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිරි නැමීමද විශේෂත්වයකි.

උත්සව අවස්ථාවට ඉත්තෑපානේ ධම්මාලංකාර හිමිපානෝ , අමාත්‍යය දිනේෂ් ගුණවර්ධන, අමාත්‍යය සිසිර ජයකොඩි, රාජ්‍යය අමාත්‍යය නාලක ගොඩහේවා මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍යය නායක රුවන් විජේවර්ධන මහතාද සහභාගි වූහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More