විදේශ පුවත්

ඉක්වදෝරයේ වත්මන් ආණ්ඩුවේ මුදල් අමාත්‍යයවරයා විසින් එරට විශ්ව විද්‍යාල වලට සහ බහු තාක්ෂණික ආයාතන වලට වෙන් කළ මුදලින් අමෙරිකානු ඩොලර් මිලියන 98ක් කපා දැමීමට එරෙහිව එරට ශිෂ්‍යය ක්‍රියාකාරීන් සහ විද්වතුන් අධිකරණ ක්‍රියා මාර්ග වලට පිවිසි අතර ඒ සම්බන්ධයෙන් වූ නඩු කටයුතු අවසන් කරමින් එරට අධිකරණය විසින් තීන්දු කරණු ලැබුවේ මුදල් අමාත්‍යයවරයාට අධ්‍යාපන ක්ෂේත්‍රයට වෙන් කරන මුදල් කප්පාදු කිරීමේ බලයක් පවතින බවත් ඒ අනුව එළඹෙන මුදල් වර්ෂය සඳහා ආණ්ඩුව විසින් කරනු ලැබූ ඩොලර් මිලියන 98ක මුදල් කප්පාදුව සාධරණ බවත්ය.

ඉක්වදෝර අධිකරණයේ මෙම තීන්දුව සම්බන්ධයෙන් අදහස් දක්වන එරට රජයේ උසස් අධ්‍යාපන ආයාතන වල පරිපාලකයන් සඳහන් කරන්නේ උසස් අධ්‍යාපන ආයාතන 31ක කටයුතු වලට අධිකරණයේ තීන්දුව බලපාන බවයි.ඔවුන්ට අනුව එරට උසස් අධ්‍යාපන ආයාතන වල සේවය කරන සේවකයන්ගේ වැටුප් වලට සහ ඒවායේ අධ්‍යාපනයේ තත්වය පහත වැටීමට බලපාන බවයි.

ඉක්වදෝරයේ ජනාධිපති ලෙනින් මොරෙඤ්ඤෝ ගේ පාලක පක්ෂය අනුගමනය කරන නව ලිබරල්වාදී සමාජ ආර්ථික ප්‍රතිපත්ති ඉක්වදෝර ජනසමාජය බරපතල ලෙස පිරිහීමකට ලක් කර ඇති බව එරට සමාජ ක්‍රියාකාරිහු චෝදනා කරති. කෙසේ වුවද ශිෂ්‍යය ක්‍රියාකාරිකයන් සඳහන් කරන්නේ අධිකරණය සමාජ අභිලාශයන් අවබෝධ කර නොගෙන තීන්දු ප්‍රකාශයට පත් කර ඇති හෙයින් අධිකරණයේ මෙම තීරණයට එරෙහිව වීදි බසින බවයි.

ඉක්වදෝරයේ හිටපු ජනාධිපති ආචාර්ය රැෆායල් කොරයා මහතා බලයේ සිටි වසර දහයක කාලය තුළ ඉක්වදෝර සමාජය ඉතා සුරක්ෂිත තත්වයකට පත් කර තිබූ බවත් වත්මන් නව ලිබරල්වාදී ලෙනින් මොරෙඤ්ඤෝ ගේ පාලක පක්ෂය ඉක්වදෝර සමාජය ඉතා බරපතල ඛෙදවාචකයකට ඇද දමා ඇති බවත් පසුගිය දිනවල කෝවිඩ්19 වසංගතය හේතුවෙන් මියගිය අයගේ මළ සිරුරු ඉක්වදොරයේ නගරවල වීදිවල කුණුවන තත්වයට පත්ව තිබූ බවද දේශපාලන විචාරකයෝ පවසති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More