සජිත් ප්‍රේමදාස මහතා එජාපය හැර යාමෙන් පසුව පුරප්පාඩු වී තිබූ එජාප නියෝජ්‍යය නායක පදවියට නව නියෝජ්‍යය නායකයෙකු පත් කිරීම වෙනුවෙන් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ එජාප මූලස්ථානය වූ සිරිකොතට රැස්විය. එසේ රැස්වූ කෘත්‍යාධිකාරි මණ්ඩලය නියෝජ්‍යය නායක පදවිය වෙනුවෙන් තරඟ කළ රවී කරුණානායක සහ රුවන් විජේවර්ධන යන අය තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වූ අතර එම රහස් ඡන්දයෙන් රවී කරුණානයක මහතාට වඩා වැඩි ඡන්ද 18ක් ලබා ගනිමින් එජාපයේ අභිනව නියෝජ්‍යය නායකයා බවට රුවන් විජේවර්ධන මහතා පත්විය. කෙසේ වුවද එජාප නියෝජ්‍යය නායකයා මීළඟ එජාප නායකයා වන බව රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර ඉඟි පල කර තිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...