දේශීය පුවත්

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු නායකයෙකු වූ ත්‍යාගදීපන් දිලීපන් නැමත්තාගේ 33 වන ගුණ සැමරුම වෙනුවෙන් සැමරුමක් සිදු කිරීමට උත්සහ ගත් උතුරු පලාත් සභාවේ හිටපු මන්ත්‍රී වරයෙකු වූ එම්.කේ.සිවාජිලිංගම් මහතා අද (15) උදෑසන කෝපායි පොලීසිය විසින් පොලිස් භාරයට ගෙන ඇත.

හිටපු මන්ත්‍රීවරයා යාපනය උරුම්පිරායි ප්‍රදේශයේදි දිලීපන් නැමත්තාගේ රුව ඇතුලත් බැනරයක් ඉදිරිපිටදී පහන් දැල්වීමට ගත් උත්සහයකදී එම ස්ථානයට ගිය කෝපායි පොලිස් නිලධාරීන් විසින් පොලිස් භාරයට ගෙන ඇත.

මේ පිළිබඳව කෝපායි පොලීසියෙන් සිදු කරන ලද විමසීමකදී කියා සිටියේ මන්ත්‍රී වරයා මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවටත් මහජන සාමය කඩවන අයුරින් ක්‍රියාකරන්නේ යැයි සැක පිට පොලිස් භාරයට ගෙන කෝපායි පොලිස් ස්ථානයට රැගෙනවිත් මහජන සාමය කඩවන අයුරින් ක්‍රියා නොකරන ලෙසට අවවාද කොට මුදා හැරීමට කටයුතු කරන බවටය.

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු නායකයෙකු වූ ත්‍යාගදීපන් දිලීපන් නැමත්තා 1987 සැප්තම්බර් 15 වනදා ඉන්දීය සාමසාධක හමුදාවට එරෙහිව යාපනයේදී මාරාන්තික උපවාසයක් ආරම්භ කොට සැප්තම්බර් 26 වනදා මිය ගියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ



One thought on “එම්.කේ.සිවාජිලිංගම් අත්අඩංගුවට”

Leave a Reply to nadi Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More