දේශීය පුවත්

ඉන්දියාවේ සිට මන්නාරමට පැමිණෙන පිරිස වැඩිවීමත් සමගම මන්නාරමට දැඩි කොරෝනා තර්ජනයක් එල්ල වී තිබේ.

මන්නාරම දිස්ත‍්‍රික්කයේ ජනතාව, පාසල් සිසුන් හා ආරක්ෂක අංශ කොරෝනා වසංගතයෙන් මුදා ගැනීමට ගත හැකි ක‍්‍රියාමාර්ග පිළිබ`දව සාකච්ඡුා කිරීම ස`දහා මන්නාරම දිසාපති එස්. මෝහනදාස් මහතාගේ ප‍්‍රධානත්වයෙන් 13 දා පැවති විශේෂ සාකච්ඡුාවකදී ආරක්ෂක අංශ නිලධාරීන් හා සෞඛ්‍ය අංශ නිලධාරීන් ඒ සම්බන්ධයෙන් ගත හැකි ක‍්‍රියාමාර්ග රැුසක් සාකච්ඡුා කොට තිබේ.

ඉන්දියාව තුළ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යෑමත්, මරණ සංඛ්‍යාව වාර්තාගත අන්දමට ඉහළ යෑමත් නිසා මන්නාරම තලෙයිමන්නාරම යන පළාත්වලට ඉන්දියාවේ කොරෝනා අවදානම ඉතා පහසුවෙන් ළ`ගා විය හැකි බව ආරක්ෂක අංශ විසින් පෙන්වා දී තිබේ.

නීති විරෝධී ජාවාරම්කරුවන් ඉන්දියාවේ සිට බෝට්ටු ආධාරයෙන් මන්නාරමට පැමිණීමත් ඉන්දීය ධීවරයින් මන්නාරම පළාතට පැමිණීම වැඩිවීමත් සමගම කොරෝනා වසංගතයේ අවදානම් සහගත තත්ත්වය වැඩි වී තිබේ.

මුහුදු මගින් පැමිණෙන පිරිස පාලනය කිරීමේදී නාවික හමුදාවට වැඩි කාර්ය භාරයක් සිදු කිරීමට හැකි අතර සෙසු ආරක්ෂක අංශ ඒ පිළිබ`දව දැඩි අවධානය යොමු කරවීමට මේ සාකච්ඡුාවේදී තීරණය වී තිබේ.

මේ වන විට මන්නාරමේ රජයේ පාසල් සියල්ලම විවෘත කොට තිබීම නිසා පාසල් සිසුහු විශාල ප‍්‍රමාණයක් මන්නාරම නගරයේ හැසිරෙති. ඔවුන්ට කොරෝනා වෛරස් රෝගය පිළිබ`දව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, විදුහල්පතිවරුන් හා ගුරුවරුන් ලවා උපදෙස් දීමට ද තීරණය කොට ඇත.

වවුනියාවේ නිරෝධායන මධ්‍යස්ථානයක සිටි පුද්ගලයකු පලාගොස් මන්නාරම දුම්රිය ස්ථානයේ රැු`දී සිටීමත් සමගම මන්නාරමේ කොරෝනා අවදානම පිළිබඳව කතා බහ වැඩි වී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More