ව්‍යාපාරික පුවත්

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් එළඹෙන නොවැම්බර් 09 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 2018 අයවැය යෝජනා හරහා කුඩා මෝටර් රථ හා ඉලෙක්ට්‍රික් මෝටර් රථ සඳහා පනවා ඇති නිෂ්පාදන බදු සුවිශේෂී ලෙසින් පහළ දමනු ඇතැයි වාර්තා වේ. මෙය සභාග රජයේ අභිනව මුදල් අමාත්‍යවරයා විසින් කරනු ලබන පළමු අයවැය කථාවයි.

යහපාලන රජයේ පළමු අයවැය වූ 2016 අයවැය යෝජනා තුළින් මෝටර් රථ නිෂ්පාදන බදු විශාල වශයෙන් ඉහළ දැමීමට හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පියවර ගත්තේය. මේ හේතුවෙන් එතෙක් රුපියල් පහළොස් ලක්ෂයේ සීමාවේ පැවති කුඩා මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ 5-8 ත් මිල ගණන්වලින් ඉහළ ගිය අතර ඉලෙක්ට්‍රික් මෝටර් රථයක මිල 100% කින් ඉහළ ගියේය.

මේ හේතුව මත මෙරට ඉලෙක්ට්‍රික් මෝටර් රථ කර්මාන්තය විශාල වශයෙන් කඩා වැටුණු අතර මෙරටට නවතම ඉලෙක්ට්‍රික් මෝටර් රථ මාදිලි හඳුන්වා දීමට බලාපොරොත්තුවෙන් සිටි මෝටර් රථ වෙළෙඳුන් සියල්ලක්ම පාහේ සිය සැලසුම් හකුළා ගැනීමට තීරණය කළේ හිටපු මුදල් අමාත්‍යවරයාගේ අදාළ යෝජනා පිළිබඳ අප්‍රසාදය ද පළ කරමිනි.

මේ බව මනාව වැටහෙනුයේ පසුගිය වසර කිහිපය තුළ මෙරට ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කෙරුණු නව මෝටර් රථ ප්‍රමාණය පිළිබඳ විමසීමෙනි. 2015 වසරේ දී ලියාපදිංචි කෙරුණු නව මෝටර් රථ සංඛ්‍යාව 105,6258 ක්වූ අතර එය 2016 වසර තුළ දී 45,172 ක් දක්වා සීඝ්‍රයෙන් පහළ බැස්සේය. නවතම දත්ත වාර්තා අනුව 2017 මුල් මාස 08 තුළ දී ලියාපදිංචි කර ඇති නව මෝටර් රථ ප්‍රමාණය 23,000 ක් පමණ වේ.

මෝටර් රථ නිෂ්පාදන බදු ඉහළ දැමීමෙන් රජය ඉහළ බදු ආදායමක් බලාපොරොත්තු වුවද, සිදුවූයේ ආනයන අධෛර්යමත් වී රජයේ බදු ආදායම ද පහළ යාමයි. 2015 වසරේ දී රථවාහන ආනයන සඳහා ඩොලර් මිලියන 1,359.6 ක වියදමක් දරා තිබුණු අතර එය 2016 වසර තුළ දී ඩොලර් මිලියන 794.8 දක්වා 41.5% කින් පහළ ගියේ ඊට සාපේක්ෂව රජයේ බදු ආදායම ද පහළ දමමිනි.

එසේම ආනයන අධෛර්යමත් කිරීම තුළින් වෙළෙඳ ශේෂයේ පටුවීමක් 2016 වසරේ දී දැකගන්නට නොලැබිණි. 2016 වසරේ සමුච්ඡිත වෙළෙඳ හිඟය, 2015 වසරේ වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 8,388 ට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලර් මිලියන 9,090 ක් දක්වා ඉහළ ගියේය.

මේ අතර දේශපාලන විචාරකයින් පවසනුයේ 2018 වසර, ආරම්භයේ පටන් ම මැතිවරණ වසරක් වනු ඇති බැවින් ඒ සඳහා සභාග ආණ්ඩුවේ සූදානම එළඹෙන අයවැය තුළින් පිළිබිඹු වනු ඇති බවයි. එබැවින් ජනතාවට දැනෙන සහන රැසක් මෙවර අයවැයෙන් බලාපොරොත්තු විය හැකි බව ඔවුන්ගේ විශ්වාසයයි.

Derana



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More