දේශීය පුවත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා විසින්  පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය දරන මතයට විරුද්ධව ප‍්‍රකාශ නිකුත් කිරීමෙන් වලකින ලෙස ඉල්ලා ඇතැයි වාර්තා වෙයි.

එම ලිපියෙන් සාගර කාරියවසම් මහතා අවධාරණය කර ඇත්තේ මාධ්‍යය වෙත අදහස් පල කිරීමේ දී පක්ෂයේ මහජන නියෝජිතයන් පක්ෂයේ පොදු මතය අනුව ක්‍රියා කල යුතු බවත් පක්‍ෂයේ පිළිවෙතට විරුද්ධ නොවන ආකාරයට අදහස් පළ කළ යුතු බවත්ය.

කාරියවසම් මහතා අදාල ලිපියෙන්,”රජයේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින්ගන්නා තීරණ ගැන කැබිනට් මණ්ඩලය විසින් ජනතාව දැනුවත් කරන නිසාත් එම තීරණවලට පටහැනිව ප්‍රකාශ නිකුත් කිරීමත් මාධ්‍ය සාකච්ඡා පැවැත්වීමත් පක්ෂයට සහ රජයේ ඉදිරි ගමනට හානිදායක තත්ත්වයක් මතු වනු ඇත” යනුවෙන් අවධාරණය කරයි.

එවැනි ප්‍රකාශ නිකුත් කිරීම පක්ෂයේ විනය කඩ කිරීමක් ලෙස සැලකිය යුතු බවත් එනිසා එවන් අදහස් පළ කිරීමෙන් වලකින්නැයි මන්ත්‍රීවරුන්ට අදාල ලිපියෙන් දැනුවත් කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More