දේශීය පුවත්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ නිවැරදි විය යුතු වගන්තිත් ඊට අලුතින් ඇතුළත් විය යුතු වගන්තිත් සහිත නව කෙටුම්පතක් සකස් කිරීමට එකඟතාව පළ කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී යුතුකම ජාතික සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග පවසයි.
ගෙවිඳු කුමාරතුංග මහතා මේ බව සඳහන් කරනු ලැබුවේකොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
පසුගිය සෙනසුරාදා තම සංවිධානය සහ ගෝඨාභය රාජපක්ෂ අතර පැවති සාකච්ඡාවකදී, තමා ඇතුළු ඊට එක් වූ පිරිස් ඉදිරිපත් කළ කරුණු පිළිබඳ අවධානය යොමු කර ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ යැයිද ගෙවිඳු කුමාරතුංග මහතා පැවසීය.

20වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ අදහස් දක්වමින් ” විසිවන සංශෝධනය යනු තාවකාලික සංශෝධනයක් පමණයි. එමඟින් සියල්ල නිවැරදි කිරීම බලාපොරොත්තු වන්නේ නැහැ.මෙමගින් රජය අපේක්ෂා කරන්නේ ජනාධිපතිවරයාට රට ගොඩනැගීමට ඇති බාධා ඉවත් කිරීම පමණයි.”යනුවෙන් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ගෙවිඳු කුමාරතුංග මහතා පවසා සිටියේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද පක්ෂ නායක රැස්වීමේදී 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ නිවැරදි විය යුතු වගන්තිත් ඊට අලුතින් ඇතුළත් විය යුතු වගන්තිත් සහිත නව කෙටුම්පතක් සකස් කිරීමට එකඟ වී ඇති බවත් ඒ නිසා නව කෙටුම්පතක් ගැසට් කිරීමට රජය ඉදිරිපත් වීම ගැන සතුටු වන බවත්ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More