එක්සත් ජාතික පක්ෂය තුළ තවමත් නිමවී නොමැති නායකත්ව අර්බූදය විසඳීමට එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය අද සවස 03.00ට රැස්වීමට නියමිත බව එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
බොහෝ විට අද දින එජාපයේ මීළඟ නායකයා පත් කිරීම සම්බන්ධයෙන් වන වාදය අවසන් වනු ඇති බවට ඒ මහතා විශ්වාසය පළ කළේය. එජාපයේ වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් කෘත්‍යාධිකාරි මණ්ඩලය ස්වීමට නියමිතව ඇති බව අකිල විරාජ් මහතා ප්‍රකාශ කළේය.
අකිල් විරාජ් මහතාගේ මතයට අනුව මේ වන විට එජාප මීළඟ නායකයා ලෙස ඉදිරිපත්ව ඇති නම් 6 අතුරින් කුමන හෝ එක් අයෙකු මීළඟ නායකයා ලෙස තෝරා ගැනීමට නියමිතය.
මීළඟ නායකයා ලෙස තෝරාපත් කරගන්නා පුද්ගලයා තහවුරු වූ වහාම එජාපයට ජාතික ලැයිස්තුවෙන් ලැබී ඇති එකම මන්ත්‍රී අසුනට නම් කරනු ලබන එජාප මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බවද අකිල් විරාජ් මහතා වැඩිදුරටත් පවසා සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...