ඩේවිස් කුසලාන දෙවැනි කාණ්ඩයේ ආසියානු කලාපීය ටෙනිස් තරගාවලියේ දෙවැනි වටයේ තරග ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දුනීසියා කණ්ඩායම අතර පැවැත්වෙන තරගාවලිය 7 සහ 8 යන දෙදින ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මූලස්ථාන ටෙනිස් පිටියේදී පැවැත්වීමට නියමිතය.
පසුගිය වසරේදී අපරාජිතව දැක්වූ දක්ෂතා අනුව තුන්වැනි කාණ්ඩයේ සිට දෙවැනි කාණ්ඩයට උසස්වීමක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය පෙබරවාරි මස මුලදී පැවැති ආසියානු කලාපීය දෙවැනි කාණ්ඩයේ පළමු වටයේ තරගවලදී තායිලන්තය හමුවේ තරග 3-2ක් ලෙස පරාජයට පත්විය. ඉන්දුනීසියාව හා පිලිපීනය අතර පැවැති අනෙක් පළමු වටයේ තරගයේදී පිලිපීනය හමුවේ ඉන්දුනීසියාව තරග වට 4-1ක් ලෙස පරාජය වී තිබිණි.
ඒ අනුව පළමු වටයේ තරගවලදී පරාජිතයන් වූ ශ්‍රී ලංකාව හා ඉන්දුනීසියාව අතර හෙට සහ අනිද්දා පැවැත්වීමට නියමිත දෙවන වටයේ තරගවලදී පරාජය වන කණ්ඩායම යළිත් තුන්වැනි කාණ්ඩයට පහත වැටීමට නියමිතව ඇත.
කෙසේ වෙතත් තායිලන්තය හා පැවැති පළමු වටයේ තරගාවලිය සඳහා පෞද්ගලික හේතුවක් මත සහභාගි නොවූ හර්ෂණ ගොඩමාන්න මෙම තරග සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව ඇති අතර එම කණ්ඩායමේ සිටි දුමිඳු දිලුම් සහ සංඛ අතුකෝරල මෙවර කණ්ඩායමට ඇතුළත්ව නොමැත. ශ්‍යාමල් දිසානායක, යසිත ද සිල්වා, ඇලෙක්ස් ෆෙයාර්බැන්ක්ස් සහ අවින්ද්‍ර පෙරේරා ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන් වේ.
පෙබරවාරි මස ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මූලස්ථාන පිටියේදී තායිලන්තය සමඟ පැවැති පළමු වටයේ තරගයන්ගෙන්් පළමු කේවල තරගය වට 6-4ක් සහ 7-5ක් ලෙස ජය ගන්නට ශ්‍යාමල් දිසානායක සමත් විය. දෙවැනි කේවල තරගයේදී යසිත ද සිල්වා තරග වට දෙකම 6-3ක් ලෙස පරාජයට පත්වූ අතර යුගල තරගය ශාමාල් දිසානායක හා යසිත ද සිල්වා තරග වට 6-3ක් සහ 6-4ක් ලෙස ජයගෙන තිබිණි.
තවද තෙවැනි කේවල තරගයේදී ඇලෙක්ස් ෆෙයාබෑග්ස් තරග වට 7-5ක් සහ 6-0ක් ලෙසත් සිවුවැනි කේවල තරගයේදී යසිත ද සිල්වා තරග වට 7-5ක් සහ 6-2ක් ලෙසත් පරාජය ලැබීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...