දේශීය පුවත්

එම්.ඒ.එල්.එම්. හිස්බුල්ලා මහත නැගෙනහිර පළාතේ මහ ඇමති ධූරය දරණ කලය තුළ නැගෙනහිර පළාතේ අන්තවාදී සංවිධාන වලට ආයුධ ලබාදුන් බව නැගෙනහිර පළාත් හිටපු නියෝජ්‍ය පොලිස්පති එඩිසන් ගුණසේකර මහතා පාස්කු කොමිසම හමුවේ සාක්ෂි දෙමින් සඳහන් කළේය.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ නැගෙනහිර පළාතේ සාමාන්‍ය වැසියන් ඔහුගේ එම ක්‍රියාවන්ට විරුද්ධව පැමිණිලි කිරීමට බිය වූයේ හිස්බුල්ලාට තිබූ ආණ්ඩු බලය හේතුවෙන් බවයි.

නැගෙනහිර පළාතේ ක්‍රියාත්මකවූ අන්තවාදී සංවිධානවල සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරද්දී හිස්බුල්ලා, අතාවුල්ලා නසීර් අලි, බදියුදීන් ආදී ප්‍රසිද්ධ දේශපාලන නායකයන් එම කටයුත්තට විරුද්ධ වූ බවද ඔහු පැවසීය.

මුල් අවධියේදී එම අන්තවාදී මුස්ලිම් කණ්ඩායම් ආයුධ සන්නද්ධව අන්තවාදය ප්‍රචාරය කිරීමට නැඹුරු වූ බවත් පසුව ඔවුන් මංකොල්ලකෑම් වැනි දේ සිදු කළ බවත් ඊට විරුද්ධව සාමාන්‍ය වැසියන් ආරක්ෂක අංශයට පැමිණිලි කිරීමට ද බිය වූ බවත් ගුණසේකර මහතා වැඩි දුරටත් තම සාක්ස්ෂිය තුළ සඳහන් කළේය.

හිස්බුල්ලා මහතා නැගෙනහිර පළාතේ මහ ඇමති ධූරය දරණ කාලය තුළ ප‍්‍රදේශයේ මුස්ලිම් පල්ලි ඉදිකිරීම වේගවත් වූ බවත් නැගෙනහිර පළාතේ ඇතැම් මාර්ගවල මැද කොටස ඉවත් කර ඒවායේ රට ඉදි ගස් සිටවූයේ හිස්බ්ය්ල්ලා මහතාගේ මෙහෙයුමෙන් බවත් කාන්තාවන් කළු ඇඳුම් ඇඳීම එම කාලය තුළ ඉතා සීඝ්‍රයෙන් වැඩි වූ බවත් හිටපු නියෝජ්‍ය පොලිස්පති එඩිසන් ගුණසේකර මහතා තම සාක්ෂිය තුළ හෙළි කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More