අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් 16 දෙනා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රදානත්වයෙන් වෙනම මැයි රැළියක් මැයි 07 වෙනිදා පැවැත්වීමට කටයුතු කරන බව ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය පවත්වනු ලබන මැයි රැළියට මෙම මැති ඇමතිවරුන් 16 දෙනාම සහභාගීනොවී වර්ජනය කරන බවද ටී. බී. ඒකනායක මහතා පැවසුවේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපතවුණු විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාහ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකමතිකව තීරණයක් ගෙන තිබියදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක අමාත්‍යවරයාත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවිර අමාත්‍යවරයාත් එම තීරණය පාවා දුන් බවත් එම නිසා එම ලේකම්වරුන් දෙදෙනා විසින් සංවිධාන කරනු ලබන මැයි රැළියට සහභාගී නොවන බවත් ටී. බී. ඒකනායක රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.
රටේ විශාලතම මුදල් මංකොල්ලය වන ශ්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්කර වංචාව අනුමත නොකරමින් අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබියදී ඊට එරෙහිව ක්‍රියාකරනු ලබන සියලුමදෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති පාව දී තිබෙන බවද වැඩිදුරටත් අදහස් දැක්වූ ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...