ඉදිරි මාස දෙක ඇතුළත හැකිනම් පළාත් සභා 3ක ඡන්දය පවත්වන ලෙසට තමා ආණ්ඩුවට අභියෝග කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
උතුරු මැද, සබරගමුව හා නැගෙනහිර පළාත්වල පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවත් ඊට අදාළ කටයුතු පාර්ලිමේන්තුව හරහා කඩිනමින් සිදුකිරීමට ආණ්ඩුව ක්‍රියා කළ යුතු බවත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සදහන් කළේය.
විශ්වාසභංග යෝජනාව පරාජය කිරීම තුළින් රටේ නියම ජනමතය පිළිඹිබු නොවන බවත් පළාත් සභා මැතිවරණයෙදී කාට කාටත් මේ රටේ ජනමතය ඉතා හොදින් දැකබලාගත හැකි බවත් රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මේ රටේ පොදු මහජනතාව ආණ්ඩුවට හොද පාඩමක් ඉගැන්වූ බවත් පළාත් සභා මැතිවරණය පැවැත්වුවොත් ඊටත් වඩා හොද පාඩමක් ඉගැන්වීමට මේ රටේ පොදු මහජනතාව බලාගෙන සිටින බවත් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.
අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී සැබෑ ඩීල්කාරයින් කවුරුන්දැයි රටටම හෙළිවූ බවත් ආණ්ඩුවත් සමග කටයුතු කරන බොරු විපක්ෂය හා සැබැ විපක්ෂය කවුරුන්ද කියා මේ වන විට රටට හෙළිවී තිබෙන බවද වැඩිදරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ස මහතා ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...