ව්‍යාපාරික පුවත්

මෙරට දැවැන්තම කිරි ආහාර නිෂ්පාදකයා වන පැල්වත්ත ඔවුන්ගේ අයිස් ක්‍රීම් රස එකතුවට නව රසයන් දෙකක් හඳුන්වා දේ. එමගින් අයිස් ක්‍රීම් ලෝලීන් සාම්ප්‍රදායික අයිස් ක්‍රීම් රසයන්ගෙන් ඔබ්බට රැගෙන යනු ඇති අතර පැල්වත්ත අයිස්ක්‍රීම්වල ක්‍රීම් සහිත ස්වභාවය භුක්ති විඳීම තුළින් අයිස් ක්‍රීම් ලෝලීන් වැඩි වශයෙන් ඊට ආකර්ෂණය වනු ඇත.

පැල්වත්ත අයිස්ක්‍රීම් නිෂ්පාදන සහ නව රසයන් හඳුන්වා දීම පිළිබඳව අදහස් දක්වමින් පැල්වත්ත සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අක්මාල් වික්‍රමනායක මහතා මෙසේ සඳහන් කළේය. “ශ්‍රී ලංකාවේ අයිස් ක්‍රීම්වල අන්තර්ගත සංඝටක සහ රසයන් අනුව අයිස් ක්‍රීම් ප්‍රභේද රාශියක් දැකගන්න පුළුවන්. එහිදී පැල්වත්ත අයිස් ක්‍රීම්වල රස සංයුතිය සහ කිසිදා අමතක නොවන රසය නිසා අතිශය ජනප්‍රිය වී තිබෙනවා. අප හඳුන්වා දෙන නවතම අයිස් ක්‍රීම් රසයන් වන ෆලූඩා සහ ජින්ජර් බිස්කට්වලටද අපගේ මෙම අද්විතීය රස සංයුතිය භාවිත කර තිබෙනවා. රසින් පොහොසත් අපගේ අයිස් ක්‍රීම්වල රහස නම් අපේ කිරි ගොවීන් විසින් සපයනු ලබන නැවුම් කිරි මේදය අයිස්ක්‍රීම් නිෂ්පාදනය සඳහා භාවිත කිරීමයි. මේ නිසා පැල්වත්ත අයිස් ක්‍රීම්වල රසින් උසස් ක්‍රීම් ස්වභාවයක් තිබෙන අතර එය සෑම දෙනාම ප්‍රිය කරනවා.”

ෆලූඩා අයිස්ක්‍රීම්වල මිහිරි, ප්‍රබෝධමත්, මෘදු, සිසිල් ෆලූඩා රසයක් අඩංගු වන අතර පැල්වත්ත කිරි සමාගමේ සංවේදක ඇගයීම් මගින් වඩාත් සුදුසු සංවේදක ගුණාංග අඩංගු බව සනාථ වේ. ජින්ජර් බිස්කට් අයිස්ක්‍රීම් පැණිරස, ක්‍රීම් සහ ඉඟු‍රු රසයෙන් පොහොසත් වන අතර පාරිභෝගිකයාට නව අත්දැකීමක් ලබා දෙමින් ඉහළ අයිස් ක්‍රීම් රස අත්දැකීමක් විඳින්නට අවස්ථාව උදා කරනු ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More