දේශීය පුවත්

නයිටි‍්‍රක් ඇසිඩ් කිලෝ 77 ක් බහාළු ප්ලාස්ටික් බූලි තුනක් බණ්ඩාරගම අටුළුගම ප‍්‍රදේශයේ මුස්ලිම් ජාතික පුද්ගලයන්ගේ නිවෙස් දෙකක සඟවා තිබියදී ඊයේ (11 දා ) සොයාගැනීමට හැකිවූ බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සමත්ව ඇති බව අපගේ පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගියදා බණ්ඩාරගම පොලිසියට ලැබුණු ඔත්තුවකට අනුව මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් අත් අඩංගුවට ගැනීමට ගිය නිලධාරීන්ට පහරදී සැඟව සිටින සැකකරුවන් සොයා කළ සෝදිසි මෙහෙයුමකදී අටුළුගම, ජයකොඩි කන්දේ, නිවාස දෙකක සඟවා තිබූ නයිටි‍්‍රක් ඇසිඩ් තොගය සොයා ගත් බවත් ඒවා සන්තකයේ තබාගත් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුට ගත් බවත් පොලිස් ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටී.

අත්අඩංගුවට පත්ව ඇති සැකකරුවන් වන්නේ බණ්ඩාරගම, අටුළුගම, ජයකොඩි කන්දේ පදිංචි 54 සහ 48 වියේ පසුවන පුද්ගලයන් දෙදෙනෙකි.

පොලීසිය ඔවුන්ගෙන් කළ ප‍්‍රශ්න කිරීම්වලදී කොළඹ ප‍්‍රදේශයෙන් රැගෙන ආ බව ඔවුන් ප‍්‍රකාශ කර ඇති අතර, යම් අපරාධයකට නයිටි‍්‍රක් ඇසිඩ් රැගෙන ආවාද යන්න සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වන බැව් පොලිස් ආරංචි මාර්ග පවසා සිටී.

සැකකරුවන් පානදුර මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න, පානදුර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සංජය ඉරසිංහ, සහකාර පොලිස් අධිකාරි උදය අමරතුංග යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක අයි. එම්. එස්. කස්තුරිආරච්චි මහතාගේ ප‍්‍රධානත්වයෙන් උප පොලිස් පරීක්‍ෂක පි‍්‍රයංකර, සැරයන්වරුන් වන (39085 ) මනම්පේරි, (27061 )අනුර, (51630 ) සුමින්ද සහ කොස්තාපල්වරුන් වන (16322) බණ්ඩාර යන නිලධාරීන් විසින් වැටලීම සිදුකරන ලද බව වාර්තාවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More