විදේශ පුවත්

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සහ ඇස්ට්‍රාසෙන්කා ආයාතනය එක්ව නිපදවා ශල්‍යාගාර පර්යේෂණ අදියරේ තිබුණු කොරෝනා වෛරසය මර්ධනයට සොයාගත් එන්නත ලබාගත් බොහෝ දෙනෙකුට සංකූලතා මතුවීම හේතුවෙන් ශෛල්‍යාගාර පර්යේෂණ කටයුතු අත්හිටවීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

ඇස්ට්‍රාසෙන්කා ආයතනය මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා සිටින්නේ ඖෂධයක් හෝ එන්නතක් ශෛල්‍යාගාර පර්යේෂණ අදියරේදී යම් කිසි විධියකින් අසාර්ථක තත්වයට පත්වුවහොත් ගනු ලබන සාමාන්‍යය ක්‍රියා පටිපාටිය වන පර්යේෂණ කටයුතු තාවකාලිකව නවතා දැමීම කර ඇති බවයි.

එන්නතේ ප්‍රතිඵල එනතෙක් මේ වන විට ලෝකයම බලා සිටින තත්වයක් තුළ ශෛල්‍යාගාර පර්යේෂණ මට්ටමේදී මෙලෙස අසාර්ථකත්වයට පත්වීම බරපතල කරුණක් බව විද්වතුන්ගේ මතයයි.

එන්නත නිපදවීමේ කටයුතු ආරම්භවී පළමුවන සහ දෙවැනි අදියර සාර්ථක මට්ටමට ළඟා විය. එසේ හෙයින් අමෙරිකාව, බ්‍රිතාන්‍යය,දකුණු අප්‍රිකාව සහ බ්‍රසීලය යන රටවල මිනිසුන් 30000ක් ආශ්‍රිතව එන්නත ශෛල්‍යාගාර පර්යේෂණ කටයුතු සිදු කළ අතර එම සියලු රටවල් වලදී පර්යේෂණ අසාර්ථක වී ඇත. මේ අතර නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පත වාර්තා කර සිටියේ බ්‍රිතාන්‍යයේදී පර්යේෂණ වලට සහභාගි වූ අය එන්නත ලබා ගැනීමෙන් පසුව කොඳු ඇට පේලියේ ආසදන වලට ගොදුරු වී ඇති බවයි.

මේ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පසුගිය දිනක ප්‍රකාශ කර සිටියේ තමන්ට කොරෝනා වෛරසය සුවපත් කිරිම සඳහා කුමන හෝ ඖෂධයක් නොවැම්බර් මස තුන් වෙනිදා පැවැත්වෙන මැතිවරණයට පෙර හෝ එදින අනිවාර්යෙන් අවශ්‍යය බවයි.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශය ඖෂධයක් නිපදවීමේදී ගතයුතු ආරක්ෂිත ක්‍රියා මාර්ග වෙනුවට එය දේශපාලනීකරණය කර ඇති බව විද්‍යාමාන වන බව දේශපාලන විශ්ලේෂකයන්ගේ මතයයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More