මවගෙන් දරුවාට එච් අයි වී ඒඩ්ස් වෛරසය බෝවීම සහ රුබෙල්ලා රෝගය සම්පූර්ණයෙන්ම මෙරටින් තුරන් කිරීම වෙනුවෙන් ලෝක සෞඛ්‍යය සංවිධානය විසින් ත්‍යාග දෙකක් පිරිණමා ඇති බව අපගේ සෞඛ්‍යය සේවා ආරංචි මාර්ග පවසයි.
ලෝක සෞඛ්‍යය සංවිධානයේ කොළඹ කාර්යාලයේදී වීඩියෝ තාක්ෂණය ඔස්සේ පසුගියදා පැවැත්වූ ලෝක සෞඛ්‍යය සංවිධානයේ නිරිත දිග ආසියානු කලාපයේ 73වන සමුළුවේදි සෞඛ්‍යය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත මෙම ත්‍යාගය පිරිනැමීමට කටයුතු කර තිබුණි.
ලෝක සෞඛ්‍යය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ටෙඩ්‍රෝස් අදානම් මහතා සිය ට්වීටර් ගිනුමේ සටහනක් තබමින් සරම්ප රෝගය සහ මවගෙන් දරුවාට එච් අයි වී ඒඩ්ස් වෛරසය බෝවීම සහ සහජයෙන් ඇතිවන සරම්ප රෝගය ශ්‍රී ලංකාවෙන් සම්පූර්ණයෙන්ම තුරන් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට තම සුභ පැතුම් එක්කරන බවයි.
ශ්‍රී ලංකාවේ අවසාන වතාවට සරම්ප සහ රුබෙල්ලා රෝගියෙකු වාර්තා වූ යේ පිළිවෙලින් 2016 සහ 2017 වසර වලදීය.
2023 වසර වන විට සරම්ප සහ රුබෙල්ලා රෝග සදහටම තුරන් කිරීමේ ඉලක්කය ජයගත් නිරිත දිග ආසියාවේ පිහිටි රටවල් දෙක වන්නේ ශ්‍රී ලංකාව සහ මාලදිවයිනයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...