බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ රඳවා සිටින රැඳවියන් 45 දෙනා අතරින් රැඳවියන් 39 දෙනෙකු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද උදෑසන සිට ආහාර වර්ජනයේ යෙදී ඇතැයි අපගේ බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.
ඔවුන් ඉදිරිපත් කරන ඉල්ලීම් වන්නේ, රැඳවියන් බැලීමට කාන්තාවන් පිරිමි නිළධාරීන් ඉදිරියේ පරීක්ෂාවට ලක් කිරීම අත් හිටවීම, කොරෝනා වෛරසය හේතුවෙන් ඥාතීන් හමුවීමට නොහැකි වීම පිළිබඳව සලකා බලා ලබා දී තිබූ දුරකතන පහසුකම් අත් හිටවීම නැවත ලබා දීම,ආපන ශාලාවෙන් අමතර ආහාර සහ වෙනත් ද්‍රව්‍යය මිළදී ගැනීම වෙනුවෙන් ලබා දෙන රුපියල් 8000.00 ක මුදල ඉහළ නැංවීම සහ නීතිඥයන් හමුවීමට ලබා දෙන විනාඩි 30ක කාලය පැය දක්වා දීර්ඝ කිරීම ආදී ඉල්ලීම් බව වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...