පළාත් සභා මැතිවරණයේදී මැතිවරණ ක්‍රමයේ පනතේ වෙනසක් සිදුවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
අද (06) ජනාධිපතිවරයා හා මාධ්‍ය ප්‍රධානීන් අතර සිදුවූ හමුවීමේදී එතුමන් මේ බව පැවසීය.
මෙම දිනවල සිදුකෙරෙන පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් පත්කර ගැනීමේ කටයුතු පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ මහජනතාවගේ ඡන්දයෙන් ජයග‍්‍රහණය කළ දේශපාලන පක්ෂ පරාජය කර විරුද්ධ පක්ෂවලට එහි බලය ලබා ගැනීමට හැකියාව ලැබී තිබෙන අතර මැතිවරණ ක‍්‍රමයේ තිබෙන මෙම විකෘතිභාවය හේතුවෙන් ජනමතය යටපත් වීමක් සිදුවන බවයි.
එහිදී පළාත් පාලන මැතිවරණ පනත සංශෝධනය වීම අත්‍යාවශ්‍ය වන බව පැවසූ ජනාධිපතිතුමා ඒ තුළින් ජනතාව ඡන්දය ලබාදුන් දේශපාලන පක්ෂවලට පමණක් පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට අවකාශ හිමිවන බව ද කියා සිටියේය.
එමෙන්ම මෙවර පළාත් පාලන ආයතන සඳහා පත්ව තිබෙන මන්තී‍්‍රවරුන් 8000 කට වැඩි විශාල සංඛ්‍යාව කිසිසේත් රටට යහපත් තත්ත්වයක් නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ,පළාත් පාලන ආයතන පනත සංශෝධනය කිරීම තුළින් දැනට පත්ව සිටින මන්තී‍්‍රවරුන්ගේ නිල කාලය අවසන් වූ පසු ඊළග මැතිවරණයේදී මෙම සංඛ්‍යාව සියයට 50 කින් අඩු කිරීමට වැඩපිළිවෙළක් සකස් කරන බව ද සඳහන් කළේය.
අමාත්‍යවරුන් දෙදෙනෙකු හෙට (27) රුසියාව බලා පිටත්ව යාමට නියමිත අතර එම සංචාරයේදී ඉන්ධන ආනයනය ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ...
වත්මන් ආර්ථික අර්බුදයට කොතරම් සාධනීය විසඳුම් යෝජනා පෙන්වා දුන්නද ඇමෙරිකාව සහ ඉන්දියාව තරහ වේයැයි බියෙන් ඒවා පිළිනොගන්නා ජනපති – අගමැති ප්...
සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසා සිටින්න්නේ ශ්‍රී ලංකාවට තවත් ඉන්ධන ණය පහසුකම් දෙනවා වෙනුවට ඉන්දියාව සමග එකග ව...