දේශීය පුවත්

2020 වසරේ ගත වූ මාස 08 තුළ රජයේ රෝහල්වලට බෙදා හැර තිබූ තත්ත්වයෙන් බාල ඖෂධ වර්ග, එන්නත් සහ ශල්‍ය ද්‍රව්‍ය වර්ග 45 ක් භාවිතයෙන් ඉවත් කර ඇති බව වෛද්‍ය සැපයුම් අංශය පවසයි. මෙම ඖෂධ හා ශල්‍ය ද්‍රව්‍ය වර්ග 45 න් 27ක්ම ඉවත් කර ඇත්තේ ජනවාරි, පෙබරවාරි හා ජුනි යන මාසවලදී බව වෛද්‍ය සැපයුම් අන්ශය වැඩිදුරටත් පවසයි

මෙලෙස තත්ත්වයෙන් බාල වීම හේතුවෙන් ඉවත් කර ඇති ඖෂධ හා ශල්‍ය ද්‍රව්‍ය අතර පැරසිටමෝල් පෙති, බෙන්සතින් පෙනිසිලින් එන්නත්, වැන්කෝමයිසින් එන්නත්, කැල්සියම් ග්ලූකොනෙට් එන්නත්, සයික්ලොස්පෝරින් කරල්, සෙෆලෙක්සින් සිරප්, ඩෙක්ස්ට්‍රොස් ද්‍රාවණය හා වෝෆරින් සෝඩියම් පෙති වැනි අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග ඇති බවද වාර්තාවේ. ඉවත ලූ ඖෂධ අතුරින් එකම ඉන්දීය බෙහෙත් සමාගමක් මගින් නිපදවනු ලැබූ වෝෆරින් සෝඩියම් පෙති අවස්ථා 06කදීද, තවත් ඉන්දීය බෙහෙත් සමාගමක් විසින් නිපදවන බෙන්සතින් පෙනිසිලින් එන්නත් අවස්ථා 04කදී ද තත්ත්වයෙන් බාල බව රසායනාගාර පරීක්ෂණවලදී තහවුරු වූ බව වෛද්‍ය සැපයුම් අංශය පවසයි.

භාවිතයෙන් ඉවත් කළ ඖෂධ වර්ග වල දුර්වර්ණ කොටස් අඩංගු වීම, ඇසුරුම්වල ගැටලූ වැනි හේතු මුල් වූ බව පවසන වෛද්‍ය සැපයුම් අංශය මේ වන විට රජයේ රෝහල් හා පළාත් සෞඛ්‍ය බලධාරීන් වෙත එසේ තත්ත්වයෙන් බාල බෙහෙත් වර්ග වල ඛාණ්ඩ භාවිතයෙන් ඉවත් කරන ලෙසට චක‍්‍රලේඛවල යවා ඇති බවද වාර්තා වේ.

2019 වසරේදී තත්ත්වයෙන් බාලවීම හේතුවෙන් රජයේ රෝහල්වලින් ඉවත් කරනු ලැබූ බෙහෙත්, එන්නත් හා ශල්‍ය ද්‍රව්‍ය වර්ග සංඛ්‍යාව 98ක් බව වෛද්‍ය සැපයුම් අංශය පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More