දේශීය පුවත්

සිමෙන්ති සංස්ථාවේ සභාපති නිතිඥ ගාමිණි ඒකනායක මහතා විසින් වනාතවිල්ලුව පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සිමෙන්ති සංස්ථාවට අයත් රජය සතු ඉඩමක අක්කර සීයකට ආසන්න ප්‍රමාණයක් එළි පෙහෙළි කරමින් එහි තිබූ දැවැන්ත වෘක්ෂයන් ජංගම කියත් ආධාරයෙන් කපා බිම හෙළා පිළිස්සීම පිළිබඳව සැකපිට තවත් පුද්ගලයින් තිදෙනකු අත් අඩංගුවට ගෙන පුත්තලම අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වනාතවිල්ලුව පොලිසිය පවසයි.
මීට පෙර අදාල රජය සතු ඉඩමට නීති විරෝධිව බලහත්කාරයෙන් ඇතුළු වී අනර්ථයක් සිදු කිරීම වෙනුවෙන් පුද්ගලයින් 05දෙනෙක් අත් අඩංගුවට ගත් බවද වනාතවිල්ලුව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් එම සැකකරුවන් පස් දෙනා පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව මේ මස 15 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.

අත් අඩංගුවට ගත් පස් දෙනාගෙන් කළ ප්‍රශ්ණ කිරීම් හමුවේ තවත් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් අතර, (09) වන දින මෙම වන සංහාරයට සම්බන්ධ තවත් සැකකරුවන් තිදෙනෙකු මෙලෙස අත් අඩංගුවට ගත් බවත් සිදු කරන විමර්ශණවලදී ඉදිරියේදී තවත් පුද්ගලයින් අත් අඩංගුවට ගැනීම සදහා පුළුල් පරික්ෂණයක් ආරම්භ කර ඇති බවත් වනාතවිල්ලුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්.පි.එන් පතිරත්න මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කරනු ලැබීය.

සිමෙන්ති සංස්ථාවට අයත් අක්කර පන් දහස් දෙසීයකට ආසන්න භූමි පවසරියක අකක්ර සීයකට ආසන්න වපසරියක් අත්අඩංගුවට පත් සැකකරුවන් විසින් එළි පෙහෙළිකර එහි තිබූ දුර්ලභ ගණයේ වසර දහස් ගණනක් ඉපැරණි පලු, වීර, බුරුත, කළුවර, කළුමැදිරිය වැනි දැවැන්ත වෘක්ෂයන් ජංගම කියත් ආධාරයෙන් කපා බිම හෙළ පුළුස්සා දැමීම සංවිධානාත්මකව ඉතා සූක්ම ලෙස සිදුකරගෙන ගොස් ඇති බවට පොලිසිය කල මූලික විමර්ශණ වලදී අනාවරණය වී ඇති බව කියයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More