ව්‍යාපාරික පුවත්

ශ්‍රී ලංකාවට කිසිසේත් බිත්තර ආනයනය කිරීමට පියවර නොගන්නා බව පශූ සම්පත්, ගොවිපොළ ප‍්‍රවර්ධන සහ කිරි හා බිත්තර රාජ්‍ය ඇමැති ඩී බී හේරත් මහතා පවසා සිටී.

ඉහළ යන බිත්තර මිල පලනය කිරීමට බිත්තර ආනයනය කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය කළ ඉල්ලීමට ප‍්‍රතිචාර දක්වමින් රාජ්‍ය ඇමැතිවරයා ඊයේ (8දා )සිය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී මෙසේ ප්‍රකාශ කළේය.

රාජ්‍ය ඇමැතිවරයාට අනුව බිත්තර නිෂ්පාදකයා සහ බේකරි හිමියා අතර සිටින අතරමැදියන් නිසාත්, කොරෝනා කාලයේදී කුකුළු කෑම හිඟ වීමත්, සමහර බිත්තර නිෂ්පාදකයින් කුකුළන් විකිණීම නිසාත් බිත්තර මිල ඉහළ යාමට හේතු වී තිබේ.

නුදුරු අනාගතයේදී බේකරි හිමියාට අවශ්‍ය බිත්තර සෘජුවම බිත්තර නිෂ්පාදකයාගෙන් ලැබෙන නව වැඩ පිළිවෙළක් හඳුනවා දීමට පියවර ගෙන ඇති බව පවසන රාජ්‍ය ඇමැතිවරයා මේවන විට අඩාල වී තිබූ වෙළෙඳ පොළට බිත්තර සැපයීම සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බවත්, මේ හේතුවෙන් ඉදිරීයේදී බිත්තර මිල තවත් පහළ යනු ඇති බවත් ප්‍රකාශ කළේය.

මේ වන විට බිත්තරයක් විකිණිය හැකි උපරිම මිල රුපියල් 14 ක් ලෙස රජය නියම කර ඇතැයි රාජ්‍ය ඇමැතිවරයා පැවසීය. ඔහුට අනුව ඉදිරියේදී බිත්තර නිෂ්පාදකයාටත් පාරිභෝගිකයාටත් අසාධාරණයක් නොවන ලෙස බිත්තර මිල පාලනය කිරීමට පියවර ගන්නා බව ප්‍රකශ කළේය.
මාධ්‍යය හමුවට රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් එස්. සේනානායක මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් ද සහභාගි වූහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More