දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා 2021 වසර තෙක් ඉවත්ව නොයන බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග දක්වා සිටී. එක්සත් ජාතික පක්ෂයේ නීති අංශයේ ලේකම් නිශ්ශංක නානායක්කාර මහතා මාධ්‍යය වෙත පවසා සිටියේ පක්ෂය පළමුව දැනට පුරප්පාඩු වී පවතින නියෝජ්‍යය නායක පදවිය සඳහා කෙනෙකු පත් කර ගැනීමට නියමිත බවයි.

එසේ පත්කරගන්නා තැනත්තා 2021 ජනවාරි 21 වනදා සිට නායකත්ව තනතුර භාර ගැනීමට යෝජනා වී ඇති බවත් වැඩිදුරටත් පවසා සිටියේය.

ඒ අනුව ලබන සඳුදා රැස්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී නියෝජ්‍යය නායක තනතුර සඳහා පුද්ගලයෙකු නම් කිරීම සිදුවනු ඇති බව ඔහු විසින් මාධ්‍යය වෙත දන්වා සිටියේය.

රනිල් වික්‍රමසිංහ මහතා එජාප නායකත්වයට පත් වූ දා සිටම එජාපය තුළ බෙදීම් ඇතිවී ගැටුම් නිර්මාණය වූ අතර ඔහු තුළ වන අනම්‍යශීලීභාවය හේතුවෙන් එජාප යේ බොහෝ නායකයන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මෙන්ම පොදු ජන එක්සත් පෙරමුණටද එකතු වීම සාමාන්‍යය කාරණයක් වූ අතර අවසානයේදි සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු එජාපයේ සිටි පතාක යෝධඑක්සත් ජාතික පක්ෂය අතහැර සමගි ජන බලවේගය නිර්මාණය කර ගැනීමට පවා පෙළඹුනි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More