දේශීය පුවත්

ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා පසුගියදා මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ ලංවිම ය 2021 වසරට අසාධාරණ මිළක් වන රුපියල් බිලියන 21ක් ගෙවා විදුලි බලය මිළ දී ගැනීමට සැරසෙන බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බවත් ඒ වෙනුවට කැබිනට් මණ්ඩලය අනුමත කරන්නේ නම් පමණක් 2021 වසරට අවශ්‍යය විදුලිය මිළදී ගැනීම සඳහා අවශ්‍යය ගිවිසුම් අත්සන් කිරීමට නියමිත බවත්ය. කෙසේ වුවද ඒ සඳහා අවශ්‍යය කටයුතු 2021 වසරේ මුල් මාස කිහිපය තුළ සිදුකිරීමට නියමිතය.

තවදුරටත් කරුණු පැහැදිලි කළ සභාපතිවරයා”සමහර සංවිධාන විදුලිය සම්පාදකයින් සහ විදුලි බල මණ්ඩලය අතර අනවශ්‍යය ගැටුමක් නිර්මාණය කිරීමට සැරසෙනවා. සත්‍යය තත්වය නම් විදුලි බලය සැපයීමට අදහස් කරන සමාගම් ගිවිසුම් අත්සන් කිරීමට ඉල්ලීම් කර සිටියද අප 2021 වසරේ මුල් භාගයේදීම විදුලිය මිළදී ගැනීමට සූදානම් නැහැ. 2021 වසරට අපට කිසිදු අයුරකින් විදුලි බලය හිඟයක් ඇති වන්නේ නැහැ. ඒ නිසාම කැබිනට් මණ්ඩලය අනුමත නොකරන්නේ නම් අපි කිසිදු ගිවිසුමක් අත්සන් කරනු ලබන්නේ නැහැ.” යනුවෙන් අවධාරණය කළේය.

කෙසේ වුවද ලබන වසරට සිදුවීමට නියමිත යැයි පුරෝකතනය කර ඇති වැසි රහිත කාලගුණික තත්වය සැබෑ වශයෙන්ම සිදු වුවහොත් එක්කෝ විදුලි බල සැපයුම කප්පාදුවට ලක් කිරීම හෝ විදුලි බලය මිළදී ගැනීම යන කාරනා දෙකෙන් එකක් කිරීමට සිදුවන බව සභාපතිවරයා අවධාරණය කළේය.

මේ අතර ජාතික පාරිභෝගික අයිතීන් සුරකීමේ සංගමය විදුලි බල මණ්ඩලයට චෝදනා නගන්නේ ලංවිමය කෙටි කාලීන වශයෙන් විදුලිය මිළදී ගැනීම වෙනුවෙන් රුපියල් බිලියන 21 ක් ගෙවීමට අවශ්‍යය කටයුතු සම්පාදනය කර ඇති බවටයි. ඒ අනුව හොංකොං සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමාගම් දෙකක් දැනටමත් ටෙන්ඩර් පත්‍ර පුරවා එවා ඇති බව එම සංගමය සඳහන් කරයි.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් “ලංවිමය කැබිනට් මණ්ඩලයට දන්වා ඇත්තේ ඩොලරයක මිළ රුපියල් 181ක් ලෙස සලකා විදුලිය ඒකකයක් රුපියල් 31කට මිළදී ගන්නා බවයි.එහෙත් ඩොලරය රුපියල් 185 සීමාවේ පවතින බැවින් ගෙවීමට සිදුවන සැබෑ මිළ ඒකකයකට රුපියල් 31ට වඩා අනිවාර්යෙන්ම වැඩිවන බව අවධාරණය කරමු. ඒ අනුව රුපියල් බිලියන 21 ක් විදුලිය සපයන සමාගම් වලට ගෙවීමට නියමිත අතර ඉන් රුපියල් බිලියන 4ක්ම වෙන් කර ඇත්තේ එම බලාගාර වෙනුවෙන් ආයෝජනයක් ලෙසයි.” යනුවෙන් පවසා සිටී.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංගමය වැඩිදුරටත් පවසා සිටින්නේ මහජන උපයෝගිතා කොමිසම ලංවිමය ඉදිරිපත් කර ඇති මෙම ව්‍යාපෘතිය අනුමත නොකළ යුතු බවයි.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංගමය අවධාරණය කර සිටින්නේ නීත්‍යානුකූල නොවන ලෙස ලංවිමය අත්සන් කළ වැඩි මිළට විදුලිය මිළදී ගැනීමේ ගිවිසුම් වහාම අත්හිටවිය යුතු බවත් ඒ වෙනුවට ලංවිම ඉන්ජිනේරුවන් විසින් බාධා පැමිණවීම නිසා කල් දමමින් සිටින අඩු වියදම් බලාගාර ඉදිකිරීම වෙනුවෙන් අවධානය යොමු කර එම ඉංජිනේරුවන්ට එරෙහිව කටයුතු කළ යුතු බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More