සිංහල හා දමිළ අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් සිය ගම්බිම් කරා යන මගී ජනතාවගේ ප්‍රයෝජනය සදහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් බස් 2000ක් යොදවා තිබේ.
කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ සිට අද (6දා) පටන් මේ මස 15දා දක්වා දවසේ පැය 24 පුරාම මෙම විශේෂ බස් සේවා ක්‍රියාත්මක වෙයි.
එමෙන්ම සිය ගම්බිම්වල සිට ආපසු ඒම සඳහා මේ මස 16දා සිට 24දා දක්වා අදාළ ශ්‍රී ලංගම ප්‍රාදේශීය කාර්යාල මඟින් බස් රථ සේවා ක්‍රියාත්මක කෙරේ.
මෙම කාල වකවානුව තුළ ශ්‍රී ලංගම රියැදුරු කොන්‍ෙදාස්තර, කාර්මික ඇතුළු සියලුම සේවක නිවාඩු අවලංගු කෙරේ. විශේෂ චාරිකා සඳහා අධි සුඛෝපභෝගී බස් රථ ඇතුළු සාමාන්‍ය බස් රථ වෙන් කිරීමද මෙම කාලසීමාව තුළ අවලංගු කෙරේ.
අධිවේගී මාර්ගයන්හි ගමන් ගන්නා මගීන්ගේ පහසුව සඳහා ශ්‍රී ලංගම බස් රථවල ගමන් වාර වැඩි කරන ලෙසද ශ්‍රී ලංගම සභාපති රමාල් සිරිවර්ධන මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළට පැමිණෙන මගීන්ගේ අවශ්‍යතා සොයා බැලීමටත්, ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමටත් ශ්‍රී ලංගම නිලධාරීන් විශාල සංඛ්‍යාවක් යොදවා සිටිති.
මගීන්ගෙන් ලැබෙන පැමිණිලි හා යෝජනා ඉදිරිපත් කිරීම සඳහා මධ්‍යම බස් රථ නැවතුම්පොළේ විශේෂ කුටියක් ස්ථාපනය කර තිබේ. ඊට අමතරව දුරකතන අංක 011-7555555 ඔස්සේ ප්‍රධාන කාර්යාලයටද බස් රථයේ සඳහන් කර ඇති දුරකතන අංකය මඟින් ප්‍රාදේශීය කාර්යාලවලටද මගීන්ට සිය පැමිණිලි හා යෝජනා ඉදිරිපත් කළ හැකි බව ශ්‍රී ලංගම සභාපති රමාල් සිරිවර්ධන මහතා පවසයි.
අමාත්‍යවරුන් දෙදෙනෙකු හෙට (27) රුසියාව බලා පිටත්ව යාමට නියමිත අතර එම සංචාරයේදී ඉන්ධන ආනයනය ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ...
වත්මන් ආර්ථික අර්බුදයට කොතරම් සාධනීය විසඳුම් යෝජනා පෙන්වා දුන්නද ඇමෙරිකාව සහ ඉන්දියාව තරහ වේයැයි බියෙන් ඒවා පිළිනොගන්නා ජනපති – අගමැති ප්...
සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසා සිටින්න්නේ ශ්‍රී ලංකාවට තවත් ඉන්ධන ණය පහසුකම් දෙනවා වෙනුවට ඉන්දියාව සමග එකග ව...